BREAKING NEWS
Search

කොළඹ නගරාධිපතිනිය ටවුන්හෝල් ඉස්සරහා දෑස් බැඳගෙන ඇවිදලා..

838

 

කොළඹ නගරාධිපතිනි ව්‍රේ කැලි බල්තසාර් මහත්මිය, දෘශ්‍යාබාධිත පුද්ගලයන් නගරය තුළ මුහුණ දෙන දෛනික අභියෝග පිළිබඳව සෘජු අත්දැකීමක් ලැබීමේ අරමුණින්, ඇස් බැඳ කොළඹ නගරය පුරා ඇවිද යාමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වූවාය.

 

(11) දින කොළඹ පුරහල ඉදිරිිපිට පැවති මෙම අවස්ථාව සඳහා නගරාධිපතිනිය, දෘශ්‍යාබාධිත පුද්ගලයන් පිරිසක් සමඟ එක්වූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද සිල්වා මහතා ද නගරාධිපතිනිය සමඟ මෙම ගමනට එක්ව සිටියේය.

 

 

මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ දෘශ්‍යාබාධිත ප්‍රජාව මුහුණ දෙන තත්ත්වය පිළිබඳව නගරාධිපතිනියට පෞද්ගලික අවබෝධයක් ලබා දීමේ අරමුණෙනි. “දෘශ්‍ය නොමැතිව නගරයේ සිටීම” කෙබඳු දැයි තේරුම් ගැනීමට මෙම ඇස් බැඳීම තමාට උපකාරී වන බව බල්තසාර් මහත්මිය එහිදී සඳහන් කළාය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!