BREAKING NEWS
Search

මාලිමාව සජබය සමගි වී බේරුවල නගර සභාවේ බලය අල්ලයි !

787

බේරුවල නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ එම්.ඒ. මොහොමඩ් මබාසීම් තේරීපත්වී තිබෙනවා.

ඒ අනුව සභාවේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදි සභාපති සහ උප සභාපති තේරීම සඳහා විවෘත ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කර තිබුණා.

එහිදී සභාපති ලෙස ස්වාධීන කණ්ඩායම් 1 මොහොමඩ් ෆලීල් මොහොමඩ් අසාම් සහ ජාතික ජනබලවේගය පක්ෂයෙන් මොහොමඩ් අසාර් මොහොමඩ් මබාසිම් තරග වැදුණු අතර පැවැති විවෘත ඡන්යේදී මාලිමා අපෙක්ෂකයා සමගි ජන බලවේගයේද සහාය ඇතිව ඡන්ද 9ක් ලබා ගනිමින් ජයග්‍රහණය කිිරීමට සමත් වුණා.

එසේම උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ බී. විමලසිරි තේරීපත්ව තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *