BREAKING NEWS
Search

ජනාධිපති ලේකම් ගේ නිල රථය අවභාවිත කිරීම සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් කරන්න

4215

ජනාධිපති ලේකම් සනත් කුමානායකට අයත් සුඛෝපභෝගි නිල රථය ඊයේ (03) අධික වේගයෙන් යමින් සිටිය දී

පැලවත්ත අකුරේගොඩ හමුදා කඳවුර ඉදිරිපිට දී රිය අනතුරකට ලක් වූ බව මාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළ වි තිබුණා යැයි නව ජනතා පෙරමුණ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති ලේකම් සනත් කුමානායක ගේ නිල රථය අවභාවිත කිරීම සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් සිදු කර සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දීමෙන් ඉක්බිතිව මධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විදුර අල්ගම…

ජනපති ලේකම් ගේ බිරිඳට සාප්පු යන්න නිල රථ භාවිත කරන්න පුළුවන් ද…?

”මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල අපි දැක්කා ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාට අයත් සුඛෝපභෝගි ඔහුගේ නිල රථය ඊයේ දිනයේ දී අධික වේගයෙන් යමින් සිටිය දී පැලවත්ත අකුරේගොඩ හමුදා කඳවුර ඉදිරිපිට දී රිය අනතුරකට ලක් වෙනවා. මෙම රිය අනතුර සිදු වන වෙලාවේ නිල රථයේ ගමන් කරමින් ඉඳලා තියෙන්නේ ජනාධිපති ලේකම්තුමන්ගේ බිරිඳ බවට තොරතුරු ලැබිලා තියෙනවා. පාරේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ගැටීම නිසා මව පියා හා වයස අවු 2, 6 දරුවන් දෙදෙනාත් රෝහල් ගත කරලා තියෙනවා.

අපට ලැබී තියෙන තොරතුරු අනුව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන් දෙදෙනා සහ මව තවම ප්‍රතිකාර ලබමින් සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කරමින් විමසා සිටින්නේ ජනාධිපති ලේකම්තුමන්ගේ නිල රථය තම බිරිඳ හෝ වෙනත් පාර්ශවයක් විසින් කොහොම ද මේ ලෙස භාවිතා කරන්නේ කියලා. මෙය රාජ්‍ය දේපළ අවභාවිත කිරිමක්. අපට ලැබි ඇති තොරතුරු අනුව ඔහුගේ බිරිඳ මෙම රථය යොදා ගෙන ඇත්තේ ඇයට සාප්පු සවාරි යාම සඳහා. පුනරුද ආණ්ඩුව පත්වුණේ කිසිම රාජ්‍ය දේපළක් අවභාවිතා නොකරන බව ප්‍රකාශ කරමිනි.

පොලිසියේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විශාල සැකයක්

නමුත් අද වනවිට රජයේ මැති ඇමතිවරුන් නිලධාරින් කිසිදු හිරිකිතයක් නැතිව රාජ්‍ය දේපළ අවභාවිතා කරනවා. ජනාධිපති ලේකම්තුමා ම ඔහුගේ බිරිඳට සාප්පු සවාරි යන්න දිලා අනතුරට පත් වුනාම එය සාධාරණියකරණය කරනවා. නමුත් අපට තොරතුරු ලැබී ඇත්තේ මෙම අනතුර සිදු වි ඇත්තේ රාත්‍රී 9.00 ට බව ය. රෑ නමයට එවැනි පෞද්ගලික ගමන් යෑමට ඇත්නම් රාජ්‍ය දේපළ භාවිත නොකර තම බිරිඳට පෞද්ගලික රථයක් ලබා දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.,

ඔබතුමා රට ඉදිරියේ චංචා දුෂණවලින් තොරව රාජ්‍ය සේවය ආදර්ශමත් වෙන්න කියලා බණ දේශනා කරමින් සිදු කරනුයේ “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” වගේ වැඩක් කියලා. ජනාධිපති ලේකම්තුමනි, අනේ පින් සිද්දවෙයි… රාජ්‍ය දේපළ අවභාවිතා නොකර නෝනට සවාරි යාමට වාහනයක් අරන් දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ පොලිසියේ ක්‍රියා කලාපය සම්බන්ධව අපට විශාල සැකයක් පවතිනවා, පොලිසිය පක්ෂග්‍රාහිව ක්‍රියා කිරීමක් සිදු කර ඇති බවට.

රියදුරු නැවත අත්අඩංගුවට ගන්න

පුද්ගලයෙකු අතින් රිය අනතුරක් සිදු වු විට යම් පුද්ගලයෙක් ඒ තුලින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්නම් කිසිම අවස්ථාවක එම රිය අනතුර සිදු කළ තැනැත්තා නීතියෙන් නිදහස් කරනු නොලබයි. මෙහි දී පොලිසිය විසින් නිවරදි තොරතුරු අධිකරණයට ලබා දී ඇත් දැයි යන්න අපට පැහැදිලි සැකයක් පවතිනවා මන්ද එම අනතුර සිදු කළ පුද්ගලයා නීතියෙන් නිදහස් කිරිම සිදු කර ඇති නිසා.

එම නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ජනාධිපති ලේකම්තුමන්ගේන් රාජ්‍ය දේපළ අවභාවිතාව හා අපහරණය පිළිබදව පැහැදිලි කට උත්තරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගනීවි කියලා. ඒ වගේම නිදහස් කළ ජනාධිපති ලේකම්තුමන් ගේ රියදුරු නැවත අත්අඩංගුවට ගන්නා ලෙස නව ජනතා පෙරමුණ වන අප විසින් ඉල්ලා සිටිනවා.”

Source – The Leader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!