පසුගිය වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන නියෝජනය කල ශ්‍රී ලංකා කන්ඩායම් අතරින් වෙල්ලගේ සෙට් එක, චරිත්ගේ සෙට් එකට එන්න කලින් අපිට අනාගතය ගැන ලොකුම බලාපොරොත්තු පෙන්නපු Talentedම සෙට් එක තමයි ඒ කාලේ චතුර පීරිස්ගේ නායකත්වය යටතේ සෙල්ලම් කරපු සෙට් එක, අපි ඒ වර්ල්ඩ් කප් එකේ සෙමි ෆයිනල් වෙනකල් ආවා..
භානුක රාජපක්ෂ, උදාර ජයසුන්දර, කිත්රුවන් විතානගේ, චරිත් ජයම්පති, දෙනුවන් රාජකරුණා, සාරංග රාජගුරු, දනුශ්ක ගුණතිලක, ලහිරු ජයරත්න, රුමේෂ් බුද්ධික, ඇන්ඩ්‍රි බෙරින්ජර් වගේ පට්ට සෙට් එකක් එදා චතුර පීරිස්ගේ නායකත්වය යටතේ සෙල්ලම් කරා…!
අපිට වෙච්චි ලොකුම අවුල තමයි මේ සෙට් එක හරි විදිහට ජාත්‍යන්තර තලයට ගේන්න බැරි වුන එක… මේ සෙට් එක හරියට ගේන්න පුළුවන් නම් උනා නම් අද ක්‍රිකට් එක රන් කරන්නේ මෙයාලා… හැබැයි අවාසනාවකට ඒක එහෙම වුනේ නැ…
ඔන්න අද මේ සෙට් එකේ හිටපු තවත් දක්ෂයෙක් තමන්ගේ ජීවිත ගමනත් නිමා කරලා කියලා දුක්බර ආරංචියක් අහන්න ලැබුනා.
අක්ෂු ප්‍රනාන්දු !
භානුකලත් එක්ක එකට සෙල්ලම් කරපු මාරම දක්ෂ ටැලන්ට් එකක්… අවාසනාවකට රිය අ.න තුරක් නිසා සෑහෙන කාලයක් ඔහු එයින් පීඩා විදලා අද තමන්ගේ ජීවිත ගමනෙන් හැර යනවා.
2018දී අන්තිමට ගහපු තමන්ගේ පලමුපෙල තරග දෙකෙන් එක තරගයක 100කුත් ගහලා හිටපු එකෙක්… අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති.. අවසානයේ ඒ සියල්ල දාලා ඔහු අද අප අතරින් යන්නම යනවා.
සාමදානයෙන් සැතපේවා අක්ෂූ ! ❤️🩹😔🙏
✍ | Rishie Bro







