ආනයනික ඉලෙක්ට්‍රික් වාහන (EV) පිළිබඳව ඇතිවී තිබෙන ගැටලු විමර්ශනය කිරීමට සහ තාක්ෂණික පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කර ඇති බව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කරනවා.
ඒ මෙතෙක් රේගුව වාහන ආනයනය සම්බන්ධයෙන් අනුගමනය කළ නිසි , පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරවයි.
මේ දක්වා ඕනෑම වාහනයක් ආනයනයේදී නිෂ්පාදකයාගේ සහතිකය (Manufacturer’s certificate) නිල ලියවිල්ලක් ලෙස වාහන නිෂ්කාශනය සඳහා රේගුව විසින් පිළිගනු ලැබුවා.
නමුත් රේගුව හදිසියේම එම ක්‍රමවේදය වෙනස් කර ඇත්තේ නෛතික පදනමක් නොමැතිවයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් BYD වාහන මෙරටට ආනයනය කරන නිල ඒජන්ත වන JKCG සඳහන් කරන්නේ රේගුව විසින් පත්කළ මෙම කමිටුවට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්‍යාගාර පහසුකම් නොමැති බවයි.
එම නිසා ලොව අංක එකේ BYD වාහන මාදිලි වල ජාත්‍යන්තරය පිළිගත් තත්ත්වය සලකා බලා මෙම කමිටු පරීක්ෂාව ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාගාරයක සිදු කිරීම වඩා සුදුසු බව JKCG ආයතනය පෙන්වා දෙනවා.
එසේම මෙලෙස පිළිගත් නීතිමය ක්‍රමවේදයෙන් බැහැරව රේගුව පත් කළ කමිටුවේ ස්වාධීනත්වය සහ නෛතික තත්ත්වය සම්බන්ධයෙන්ද JKCG සාධාරණ සැක මතු කරමින් ප්‍රශ්න කර තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ අනෙකුත් සියලු වාහන සඳහා නිෂ්පාදක සහතිකය පිළිගද්දී ,BYD වාහන සඳහා පමණක් වෙනත් පියවරක් අනුගමනය කිරීම අයුක්ති සහගත බවයි.
මේ අතර BYD නොවන වෙනත් ඉලෙක්ට්‍රික් වාහන ද පරීක්ෂාවට ලක් කරන බව රේගුව මාසයකට පමණ ඉහතදී සඳහන් කළද තවමත් BYD හැර වෙනත් කිසිදු වාහනයක් පරීක්ෂාවට ලක් කිරීමට රේගුව රඳවා ගෙන නැහැ.
එනමුත් Economy Next වාර්තාවට අනුව මේ වන විටත් මෙරට වෙළඳපොලේ මෝටර් ධාරිතාවේ වෙනස්කම් සහිත EV මාදිලි අලෙවියට යොමු කර තිබෙනවා.
එම මාදිලි කිහිපයක් පහතින් :
* Deepal S07: ශ්‍රී ලංකාවේ 99 kW, ඕස්ට්‍රේලියාවේ 160 kW
* Deepal L07: ශ්‍රී ලංකාවේ 99 kW, තායිලන්තයේ 190 kW
* Tata Tiago: ශ්‍රී ලංකාවේ 48 kW,
විදේශයන්හි 55 kW
* Tata Currve: ශ්‍රී ලංකාවේ 98 kW, විදේශයන්හි 110–123 kW
* MG ES5: ශ්‍රී ලංකාවේ 99 kW,
විදේශයන්හි 125–180 kW
* Dongfeng Box: ශ්‍රී ලංකාවේ 49.5 kW, මැලේසියාවේ 70 kW
* GAC Aion Y: ශ්‍රී ලංකාවේ 100 kW, විදේශයන්හි 150 kW
වෙළඳපොළ විශ්ලේෂකයින්ට අනුව මේ ආකාරයෙන් රේගුව හිතුමනාපයට එක් ආයතනයකට පමණක් පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම ජාත්‍යන්තර ආයෝජක විශ්වාසය පළුදු කිරීමක්.
ජාත්‍යන්තර සහතික පසෙකලා දේශීය නිළධාරි වාදය ඉහළට ගැනීම තුළින් සිදුවන්නේ මීට පෙර මෙරට තුළ විදෙස් ආයෝජකයින්ට සිදු වූ විවිධ බාධා යළිත් මතක් කිරීමක් සහ එහි තවත් දිගුවක් ක්‍රියාත්මක කිරීම බව විශ්ලේෂකයින්ගේ අදහසයි.
Economy Next ඇසුරෙනි.