BREAKING NEWS
Search

විජේ ගේ රැළියේ දී ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 39 ක් දක්වා ඉහලට..!

982

තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති ජනප්‍රිය රංගන ශිල්පී විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් මිය ගිය අයගේ සංඛ්‍යාව 39 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ . 50 කට හෝ වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

විජේගේ දේශපාලන පක්ෂය වන ”තමිලගා වෙට්‍රි කසාගම් ”(Tamilaga Vettri Kazhagam) පක්ෂයේ මෙම රැස්වීම සඳහා විශාල පිරිසක් එක්රැස් වීම නිසා ඇති වූ තදබදය හේතුවෙන් සමහර පුද්ගලයින් ක්ලාන්ත වී ඇති අතර ඒ හේතුවෙන් මෙම තෙරපීම ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ රැලිය සඳහා අවම වශයෙන් 30,000ක පමණ පිරිසක්වත් සහභාගී වී සිට ඇති බව එරට පොලීසිය ඉන්දීය මාධ්‍යට ප්‍රකාශ කර තිබේ .
මෙම රැලිය සඳහා විජේගේ පැමිණීම පැය හයකට වඩා ප්‍රමාද වී ඇති අතර ඒ වන විටත් සෙනඟ පාලනය කරගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
සිද්ධියෙන් මියගිය වින්දිතයින්ගේ පවුල්වලට ඉන්දීය රුපියල් මිලියන 1 බැගින් (ඩොලර් 11,280) ප්‍රකාශයට පත් කර ඇති අතර විමර්ශන මණ්ඩලයක් පිහිටුවා ඇත.

“මගේ හදවත බිඳී තිබේ . මම දරාගත නොහැකි, විස්තර කළ නොහැකි වේදනාවකින් සහ දුකකින් පෙළෙමි ” යනුවෙන් , විජේ සිය X ගිණුමේ සටහනක් තබා තිබේ .

අගමැති නරේන්ද්‍ර මෝදි ද සිය X ගිණුමේ හි සටහනක් පළකරමින් “තමිල්නාඩුවේ කරූර් හි පැවති දේශපාලන රැලියක් අතරතුර සිදු වූ අවාසනාවන්ත සිදුවීම අතිශයින් කණගාටුදායකයි,” යනුවෙන් කියා තිබේ .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *