BREAKING NEWS
Search

කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන සිව්දෙනෙකු දක්වා ඉහළට..

4050

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.

අද පෙරවරු 9.00ට පමණ පහලකඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල්පෙරළීමෙන් සිදුවු මෙම අනතුරින් සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර මුදා ගැණුනු පුද්ගලයින් සිව්දෙනෙකු මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සුන්බුන් අතර තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සිරව සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා තවදුරටත් මෙහෙයුම් සිදුකර බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර අදාල ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නායයෑම සිදුවු ස්ථානය නැරඹීම සදහා පැමිණීමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා අවට ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!