BREAKING NEWS
Search

දෙහිගෙදර බාල මල්ලිගේ ප්‍රධාන ගෝලයෙක් හෙරොයින් සමග මාට්ටු

338

දෙවුන්දර ගන්දර ප්‍රදේශයේදී පසුගියදා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු ශෙහාන් සත්සර නොහොත් දෙහිගෙදර බාල මල්ලිගේ සමීපතමයෙකු බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ගන්දර පොලිස් වසමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සුපුන් මදුෂාන් නොහොත් ‘ජෝරේ’ නමැති පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 200ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 5ක මුදල් ද සමග අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු දැනට විදෙස්ගතව සිටින දෙහිගෙදර බාල මල්ලි නමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු මෙන්ම බාල මල්ලිගේ ගෝලයෙකු වන ගම්බට්ටා නමැත්තාගේද ගෝලයෙකු බව වාර්තා වෙයි.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග දිගින් දිගටම සමීප සබඳතා පවත්වා ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල් පරිහරණය කිරීම්වලට සම්බන්ධ බවටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!