Delmege Building Products සමාගම ශ්‍රී ලංකාවේ ජල නල හා උපාංග සහ විදුලි උපාංග හා උපකරණ සැපයුම්කරුවන් ලෙස ක්ෂේත්‍රයේ දිගුකාලීන විශ්වාසයක් ගොඩනගා ගනිමින් උසස් ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදන සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් හරහා කර්මාන්තයේ ප්‍රමුඛත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සිටී.
ජල නල හා උපාංග සහ විදුලි උපාංග හා උපකරණ සැපයුම්කරුවන් ලෙස ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි පළපුරුද්දක් සමඟ වසර 175කට වැඩි ඉතිහාසයකින් සමන්විත Delmege සන්නාමය ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක විශ්වාසයට පාත්‍ර වූ සුවිශේෂි නාමයන් අතර ඉහළින්ම වැජඹෙයි.
විදුලි කාර්මිකයන්, ජල නල කාර්මිකයන් සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු වෘත්තීයවේදීන් අතර මෙන්ම පාරිභෝගික විශ්වාසය අතින් මෙම සන්නාමය වෙළඳපලේ විශාල පිළිගැනීමකටද ලක්ව තිබේ.
රටපුරා විහිදුණු ශක්තිමත් වෙළෙඳ සහ බෙදාහැරීම් ජාලයක් හරහා Delmege Buiding Products නිෂ්පාදන පහසුවෙන් ලබාගත හැකියි. වෙළෙඳුන් සහ බෙදාහැරීම්කරුවන් සමඟ දිගුකාලීන සබඳතා පවත්වාගෙන යාම මෙම සමාගමේ විශේෂත්වයක්.
පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන *Delmege Building Products* , අලෙවියෙන් පසු සේවාවන්, නිවසටම පැමිණ අලුත්වැඩියා සහ තාක්ෂණික සහාය ලබාදීම මඟින් පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇත.
Delmege Building Products සතුව පුළුල් නිෂ්පාදන පරාසයක් පවතී.
Water Heaters, Water Geysers, CPVC නල සහ Dux නල, නවතම ජල පොම්ප මෙන්ම LED බල්බ,Panel Lights Switchgear, Electrical Accessories, විදුලි උපකරණ සහ විවිධ විදුලි පංකා වර්ග ඇතුළු නිෂ්පාදන රැසක් ඒ අතරට ඇතුළත්. මෙම සියලු නිෂ්පාදන ආරක්ෂාව, විශ්වසනීයතාව සහ දිගුකාලීන භාවිතය සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇත.
එමෙන්ම, ආරක්ෂිත ජල පරිහරණය සහ සුරක්ෂිත ජීවිතය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් “Safe Water Makes Safe People” යන තේමාව යටතේ 2026 ලෝක ජල දිනය ද සමාගම විසින් සමරා ඇත.
Delmege Building Products වෘත්තීයවේදීන්ගේ දක්ෂතා වර්ධනය කිරීම උදෙසා විදුලි කාර්මිකයන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියි . එම වැඩසටහන් ඉදිරියේදී ජල නල කාර්මිකයන් ද ඇතුළත් කරමින් තවත් වැඩි දියුණු කිරීමට සමාගම සැලසුම් කර ඇත.
දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් වන Delmege Building Products නිෂ්පාදන, නිවැරදි ජල ප්‍රවාහය, විදුලි ආරක්ෂාව සහ පහසුව සහතික කරමින් පාරිභෝගිකයන්ට ආරක්ෂිත සහ සුවපහසු ජීවිතයක් ගත කිරීමට සහාය වේ.
Delmege Building Products නිෂ්පාදන දිවයින පුරා වෙළෙන්දන් මඟින් පහසුවෙන් ලබාගත හැකි අතර, කොළඹ 10, විනයාලංකාර මාවතේ පිහිටි මූලස්ථානය හරහා ද සෘජුව සම්බන්ධ වී ලබාගත හැකිය.







