ලෙමන් පෆ් බිස්කට් සන්නාමයේ අනුග්‍රහයෙන් උපවාසයක් වෙද්දි ලංකා ඉතිහාසය වෙනස් කළ එකම මාරාන්තික උපවාසය ගැන ලියන්න හිතුවා.
මේ දේශපාලනික හෝ සමාජීය කරුණක් සම්බන්ධයෙන් ලංකාවේ ඇතිවුණු පළමු උපවාසය. අචාර්ය එෆ්.ආර් ජයසූරිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයා. ඒ වගේම එතුමා සිංහලයන් වෙනුවෙන් පෙනී සිටි අයෙක්. ඒ නිසා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම කෙරෙහි එතුමා පෙනී හිටියා.
1956දී බලයට ආපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායකගේ ජනකාන්තම පොරොන්දුව වුණේ පැය විසිහතරෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා කියලා. නමුත් බණ්ඩාරනායක ගෙන ආපු රාජ්‍ය භාෂා පනත් කෙටුම්පතේ දෙමළ භාෂාව සාධාරණ ලෙස භාවිතා කිරීම පිළිබඳ විධිවිධානයන් ද ඇතුළත් වුණා.මීට විරුද්ධව ආචාර්ය ජයසූරිය සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කළයුතු බවත්, වෙනත් කිසිදු භාෂාවකට තැනක් ලබාදිය යුතු බව පවසමින් උපවාසයක් ආරම්භ කළා.
අවසානයේදී රට තුළ ඇතිවුණු විරෝධතා උඩ බණ්ඩාරනායකට එම අතිරේක විධිවිධාන ඉවත් කරන්න වුණා. අගමැතිවරයා දොඩම් යුෂ වීදුරුවක් පොවා ආචාර්ය ජයසූරියගේ උපවාසය අවසන් කිරීමට එකඟ කරගත්තා. නමුත් ඒ හරහා විශාල ගැටලු රැසක ආරම්භයක් වුණා.අන්තවාදී ස්ථාවරයක හිටියත් ආචාර්ය ජයසූරිය අවංක පුද්ගලයෙක්. මේ දැඩි උපවාසය නිසා ඔහුට දිගුකාලීන අබාධාවලට මුහුණ දෙන්න වුණා. ඔහුගේ මරණයටත් එම ආබාධ බලපෑවා.
උපුටාගැනීමකි







