නොහිතපු විදිහට අපිට ලකුණු 171ක් හඹාගෙන යන්න ලැබෙද්දි අපි චේස් කරපු විදිහ පට්ට…
අපිට කඩයිමක් තිබුනා. ඒ ලකුණු 101. මේ ගාන ගැහුවොත් අපි පැරදුනත් සුපිරි 4ට යනවා. අපි බැට් කරද්දී දැක්ක දේ තමයි අපේ පිතිකරුවෝ මුලින්ම ට්‍රයි කරේ මේ ලකුණු 101 ගහන්න. කිසිම ප්‍රෙෂර් එකක් ඇගට දා ගත්තේ නෑ… එතැනින් පස්සේ ගියර් එක චේන්ජ් කරා.. මැච් එක දිනනකල්ම ගැහුවා..
කමිදුගේ ෆිනිෂිං රෝල් එක මේ තරගයේ ලොකුවට කතා නොවුන දෙයක් වුනාට ඒ රෝල් එක හරි ලස්සනට පිටිය මැදදී කුසල් මෙන්ඩිස් එක්ක සෙට් වුනා.
පුහුණුකරු සනත් නිතරම කියන දෙයක් තමා කුසල් මෙන්ඩිස් හොදටම ක්‍රීඩා කරන්නේ ප්‍රෙෂර් එක වැඩියෙන්ම තියෙන තරගවල කියලා.. ඒක මේ මැච් එකේ කුසල් පෙන්නුවා. ඒ වගේම කුසල් ගහන දවසට තව කෙනෙක්ට ඇවිත් ගහන්න කුසල් දෙයක් ඉතුරු කරන්නෙත් නෑ කියලා කෝච් සනා කියනවා වගේම කුසල් මේ මැච් එකේ නොදැවී ලකුණු 74ක් ගහලා මැච් එකත් දිනවලා පෙන්නුවා…
පන්දු යැවීමේදී නුවන් තුෂාර ලස්සනට momentum සෙට් කරා… පවර්ප්ලේ එකේ තුෂාරගෙන් නායකයා පන්දුවාර 3ක් ගන්නවා. කිසිම ප්‍රශ්නයක් නැ.. ඉතාම හොද තීරණයක්.. ඒ වෙලාවේ තුෂාර පන්දු යවපු විදිහත් එක්ක ඇෆ්ගන් කොඳු නාරටිය වුන මුල්පෙල කඩුලු ගන්න තුෂාරගෙන් පන්දුවාර තුනක් ගත්ත එක ඇත්තටම ඒ වෙලාවේ හරි තීරණයක්…
අන්න ඒ නිසාමයි අපේ පන්දු යවන්නෝ ඒ momentum එක දිගටම අරන් ගියේ… පන්දු රැකීමෙන් උනත් වෙනදට වඩා ලොකු energy එකක් ආවේ… කුසල් ජනිලා, චමීරලා ගත්ත ඒ උඩ පන්දු එක්ක ටීම් එකේ මොරාල් එක තවත් වැඩි වුනා.
ඇෆ්ගනිස්තානය දැනන් හිටියා එයාලට ලොකුම හානියක් වෙන්න පුලුවන් වනිඳුගෙන් කියලා. ඒ නිසා නිතරම ඇෆ්ගන් පිතිකරුවන් වනිඳුට ඇටෑක් කරන්න ගියේ නැ… ඇෆ්ගන් කඩුලු වැටුනේ අනිත් පන්දු යවන්නන්ට…
අද අපි යොදා ගත්තේ පන්දු යවන්නෝ පස්දෙනයි. පස්දෙනාම හොඳින් පන්දු යැව්වා. ඒ නිසාම හයවෙනි පන්දු යවන්නෙක් ගැන නායකයා හිතුවේ නැ… එයාගේ ඉන්න හොඳම තුරුම්පු ටික බස්සලා අර තුෂාර පවර්ප්ලේ එකේ අරන් දීපු momentum එක දිගටම අරන් යන්න ට්‍රයි කරා…
හැබැයි අපි වැරැද්දක් කරා… ඒ මේ පන්දු යවන්නෝ පස්දෙනා අන්තිම මොහොතේ භාවිතා කරපු විදිහ… 15 වෙනි පන්දුවාරය වෙද්දී ඇෆ්ගනිස්තානය ලකුණු 90ට කඩුලු 6ක් වැටිලා හිටියේ… වෙල්ලාලගේ එයාගේ මුල් පන්දුවාර 3 ලකුණු 17ට දාලා ඊට පෙර යැවූ 13 වෙනි පන්දුවාරයේ කඩුල්ලකුත් ලබාගෙන හිටියේ… දසුන් ශානකත් ඒ වෙලාවේ පන්දුවාර තුනක් හොදින් නිමා කරලා තිබුනේ…
පිටියේ හිටියේ රශීඩ් ඛාන් සහ මොහොමඩ් නබී.. නබී විකට් එකට ආවා විතරයි. රශීඩ් බෝල 10කට ලකුණු 10ක් ගහලා ප්‍රෙෂර් වෙලා හිටියේ…
මේ දෙන්නම හොඳම ෆිනිෂර්ස්ලා… ඒ වෙලාවේ නායකයාට පොඩි හරි අදහසක් තියෙන්න ඕනි ඩෙත් ඕවර්ස් හතර ගැන… තුෂාරගේ පන්දුවාර තුනක් ගත්තා කියන්නේ අවසන් පන්දුවාර හතරේදී අපි චමීර තුෂාර එක්ක තව පන්දු යවන්නෙක් ඕනි වෙනවා.
එතකොට මේ කන්ඩායමේ තීක්ෂණ නැ.. තීක්ෂණ කියන්නේ පවර්ප්ලේ මැද ඕවර්ස් වල වගේම ඩෙත් එකේ වුනත් වැඩක් ගන්න පුලුවන් පන්දු යවන්නෙක් වුනාට වෙල්ලාලගේ කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. අනික මේක වෙල්ලාලගේ ආසියානු කුසලානයේ ක්‍රීඩා කරපු පලමු තරගය. අර වගේ එක්ස්පීරියන්ස් බැටාලා දෙන්නෙක් ඉද්දි වෙල්ලාලගේ අන්තිම හතරට තියාගන්නවා කියන්නේ ලොකු අවධානමක්…
එක්කෝ දසුන්ගේ අන්තිම ඕවරේ තියාගන්න පුලුවන්.. නැත්නම් වනිදුගේ අන්තිම ඕවරේ ඩෙත් එකේ මුලින්ම අරන් ඉවර කරලා ඉතිරි තුන චමීර සහ තුෂාරගෙන් ඉවර කරන්න තිබ්බා.
හැබැයි 15 වෙනි ඕවරේ චරිත් පන්දුව අතට දුන්නේ දසුන්ට… ඒ වෙලාවේ වෙල්ලත් හොදට කරලා හිටියේ… නබී සහ රශීඩ් විකට් එකට සෙට් වුනා විතරයි. හැබැයි චරිත් අසලංකට ඒ වෙලාවේ වෙල්ලගේ අවසන් ඕවරේ ගන්න තිබුනා. හොදට කරලා තිබුන වෙල්ලාලගේ ඩෙත් එකේදී යොදා නොගත්තා නම් ඔහුට වෙන ඩැමේජ් එක අඩු වෙන්න තිබුනා.
දසුන් තමයි අපේ 5th bowling option එක… ඒ වගේම 3rd Pace option එක.. කාටහරි කියන්න පුලුවන් ඒ වෙලාවේ නායකයා කරේ අපේ හොඳම පන්දු යවන්නෝ දම්මලා ඉක්මනින් ඇෆ්ගන් පිතිකරුවන් දවාගන්න කියලා… ඒක ඇත්ත.. ඒක තමයි නායකයෙක් කරන්න ඕනි ඒ වෙලාවේ… හැබැයි එහෙමනම් චරිත්ට දසුන්ට වඩා වෙල්ලාලගේ හොද තේරිමක් වෙන්න ඕනි. මොකද වෙල්ලාලගේ කන්ඩායමට ආවේම පන්දු යවන්නෙක් වෙනුවට සහ ඒ වෙද්දිත් සාර්ථක වෙලා හිටියේ… දසුන් ශානක එයාගේ පන්දුවාර 4ම තරගයක යවන්නේ එයාගේ කැරියර් එකේම 5 වෙනී හෝ 6 වෙනි වතාවට…
ඒ පලවෙනි අවස්ථාව.. ඊට පස්සේ 16 වෙනි පන්දුවාරය යවන්නේ වනිඳු හසරංග… වනිදුට ඇෆ්ගන් පිතිකරුවන් ඇටෑක් කරේ නැ… හේතුව එයාලා බැලුවේ වනිඳුට ඇටෑක් නොකර අනිත් අයගෙන් ලකුණු ගහන්න. මොකද වනිඳුට රිස්ක් එකක් ගත්තොත් ඔවුන් දන්නවා වනිඳුගේ තියෙන තර්ජනය ගැන…
ඒ වෙලාවේ නායකයා ස්මාර්ට් වෙන්න ඕනි… වනිඳුට ඇටෑක් කරන්නේ නැත්නම් ඇෆ්ගන් ප්ලෑන් එක මොකද්ද කියලා තේරුනා නම් වනිඳුගේ ඕවරයක් ඩෙත් එකට තියාගත්තා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැ… හේතුව තමයි ඩෙත් එකේදී වනිඳු වගේ කෙනෙක්ට එයාලට ඇටෑක් කරන්නම වෙනවා. වනිඳුට ඇටෑක් කරනවා කියන්නේ වනිඳුට කඩුලු ගන්න ඒක ලේසියි. හැබැයි 16 වෙනි ඕවරේවත් චරිත් වෙල්ලාලගේ යොදා ගන්නේ නැ…
17 වෙනි ඕවරේ මිස් වෙච්චි උඩ පන්දුවත් එක්ක වෙල්ලාලගේ හිටියේම පීඩනයක… අන්තිමට අවසන් පන්දුවාරයේදී තාමත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 10ක්වත් ක්‍රීඩා නොකරපු දඟ පන්දු යවන්නෙක් වෙච්චි වෙල්ලාලගේ ඒ අවාසනාවන්ත මොහොතට මුහුණ දුන්නා.
හොදට මුලදී කරගෙන ඇවිල්ලා අන්තිමට පන්දුවාර ටික පටල ගත්තා… චරිත්වත් හිතන්නේ නැතුව ඇති මේ තරම් ඩැමේජ් එකක් අන්තිමට වේවී කියලා… ඇෆ්ගන්ලා එයාලගේ ප්ලෑන් එක සිටුවේශන් එකත් එක්ක හරියටම කරා… ඔහොම දේවල් මේ ක්‍රිකට් එකේ වෙන්න පුලුවන්… හැබැයි එහෙමයි කියලා දුනිත්ගේ ක්‍රිකට් එක ඉවර නැ…
හැබැයි ඊට පස්සෙත් හුගාක් අය මං දැක්කා මේ සිද්ධිය හරි කියලා කියන්න උත්සහා කරනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ චරිත් අසලංක ගත්ත තීරණය හරියි කියලා… හැබැයි තරගයෙන් පස්සේ චරිත්ම කියනවා අපි අන්තිම ඕවරේ වැරදි තීරණයක් ගත්තා ඒ හැරෙන්න සමස්ත තරගයේම අපි හොදින් ක්‍රීඩා කරා කියලා… අපේ ක්‍රිකට් වල ප්‍රවීණයින් වුන ඩිල්ශාන්, චමින්ද වාස් පවා ඒ අවසන් පන්දුවාරය අපේ අතින් උන වැරැද්දක් කියද්දි සමහරු ඒක නිවැරදි කරන්න උත්සාහ කරනවා දැකපු නිසා නැවතත් මේ සිද්ධිය ගැන මතක් කරන්න හිතුනා.
දැන් ඒක වෙලා ඉවරයි. කොහොමහරු මැච් එක දින්නා. එදා දුනිත්ට හැම අතින්ම නරක දවසක්… ඕනම ක්‍රීඩකයෙක්ට එහෙම දවස් එන්න පුළුවන්… දැන් අලුත් දවසක්… අපිට අලුත් අභියෝගයක්.. සුපිරි 4 දෙනාගේ වටයේ පලමු හමුවීම. බංගලිදේශය එක්ක,
මේ වෙද්දී අපි අපේ Batting bowling fielding department තුනෙන්ම දක්ෂතා දක්වලා සුපිරි 4ට ඇවිත් ඉන්නවා. අන්තිම තරගයේ පැතුම් ලකුණු නොගහා අපි දිනලා පෙන්නලා තියෙනවා පැතුම් නොගහපු දවසටත් අපිට මැච් විනර්ස්ලා ඉන්නවා කියලා.. මේවා හොඳ දේවල්… මැදපෙල තවත් කන්සිස්ටන් වුනා නම් ඉස්සරහට තවත් ලොකු දේවල් අපිට කරන්න පුළුවන්…
මුල් තරග දෙක එක්ක බලද්දී අපි අවසන් තරගයේ department තුනෙන්ම හොදින්ම ක්‍රීඩා කරා.. අඩුපාඩු වුනා. ඒවා හදාගෙන මේ තරගයේ හොදින් ක්‍රීඩා කරන්න අපේ අයට සුබ පතනවා.
වෙල්ලාලගේ ආයෙමත් කන්ඩායමට ඇවිත් ඉන්නවා. මේක එයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වේවී.. කන්ඩායමේ හැමෝම එයා වටා එකතු වේවි… රට දිනවන්න වෙනදටත් වඩා මොරාල් එකෙන් ක්‍රීඩා කරාවි….
ජයවේවා අපේ කොල්ලොන්ට…❤️







