BREAKING NEWS
Search

” නිදිවරාගෙන දාඩිය දාගෙන උබලට ආතල් එකක් සතුටක් දෙනවටද මෙහෙම කරේ..” මැදිරිගිරියේ සිද්ධිය ගැන ඩ්‍රාම්ස් වාදකයා කම්පා වෙයි…

386

ඊයේ රාත්‍රියේ පොළොන්නරුව මැදිරියගිරිය ප්‍රදේශයේ පැවැත් වූ සංගීත ප්‍රසංගයකදී රසිකයින්ගේ ආවේගශීලි හැසිරීම් හමුවේ දැඩි කලබලයක් ඇති වුනා.

ඒ අනුව ඊට සහභාගි වූ සංගීත කන්ඩායමේ භාණ්ඩ සහ තවත් බොහෝ දේ රසිකයින් විසින් කඩා කුඩු කර විනාශ කර තිබුනා.

මේ සංගීත ප්‍රසංගය සදහා සහභාගි වූ Avatar සංගීත කන්ඩායමේ වාදන ශිල්පී සහන් රුක්ෂාන් බෙන්ජමින් මේ සිද්ධිය ගැන මෙසේ සිය කණගාටුව ප්‍රකාශ කර තිබුනා.

“මෙහෙම කෙරුවට වඩා හොඳයි මචං මාව හොයන් ඇවිල්ලා ගැහුවනම්.! නිදිමාරෙගෙන දාඩිය දාගෙන උබලට ආතල් එකක් සතුටක් දෙනවටද මෙහෙම කරේ.? මේක උඹලට නිකන් දකින දෙයක් උනාට මේක මට මගෙ ජීවිතෙ කොටසක් 😔💔

සංවිදායක මංඩලෙ වැරැද්දට අපි පලි නෑ මචං,

පට්ටම දුකයි මෙහෙම කරන්න එපා තව මිනිහෙක් හම්බ කරන් කන කිසිම දේකට 🙏🏽

මේකට මෙහෙම කරපු කෙනාට සිහියක් තිබ්බනම් ඒ වෙලාවෙ අනේ මචං මට උඹට ඒ වෙලාවෙ තිබ්බ හයිය ගැම්ම දැන් තියනවනම් මේ Post එක දකිනවනම් හිඟුරක්ගොඩ මැදිරිගිරිය දිවුලන්කඩවල කට්ටිය, මේ දේ කරපු කෙනාට කියන්න, ඒ තිබ්බ ගැන්මෙන්ම උදේට නැගිට්ටම මට inbox msg එකක් දාන්න කියලා ☺️
මේකෙ වටිනාකම ගැන පැහැදිලි කරල මිල කීයද කියලා කියන්න 🙂




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!