වතුරේ විස නැති කරන්න
සීත වතුර පොදක් බොන්න
ලිඳ වටේට අට්ටික්කා
කුඹුක් කරඳ ගස් වවන්න
ළිඳ වටා අවම වශයෙන් මෙම ගස් වර්ග වලින් තුනක් වත් රෝපණය කොට රැක බලා ගන්න.
මෙම ශාක වර්ග වල ඇති විශේෂයෙන් අනුවර්තනය වුනු ජාලාකාර මූල පද්ධතිය මගින් ළිං ජලයට මිශ්‍ර වී ඇති විස අපද්‍රව්‍ය වර්ග අවශෝෂණය කිරීමේ හැකියාවක් ඇති බව සොයා ගෙන තියෙනවා. ළිඳේ ජලය සිසිලසින් තබා ගැනීමටද මෙම ශාක වලින් ලැබෙන සෙවන මහෝපකාරී වෙනවා.
වැඩිවන ජනගහනයත් සමඟ ඉඩම් කැබලි කුඩා වීමේ ප්‍රතිඵලයක් ලෙසින් දැන් දැන් නාගරික ප්‍රදේශ වලින් ලිං සංකල්පය බැහැරව යමින් පැවතුන ද අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවලබොහෝ නිවෙස් වල තාමත් එක ම ජල ප්‍රභවය වන්නේ ලිඳයි.
එහෙත් මීට දශක දෙකකට පමණ පෙර තිබූ පිරිසිදු පානීය ජලය සම්පත දැන් අපගේම වරදවල් නිසා ඉතාමත් දුලබ වස්තුවක් බවට පත්ව තිබේ. ඊට ප්‍රධානතම හේතුව භූගත ජලයට රසායනික ද්‍රව්‍ය බැරලෝහ වැනි අපද්‍රව්‍ය එකතු වීමයි. ප්‍රතිඵලයක් ලෙසින් ගෘහස්ථ ජල ප්‍රභව සැලකිය යුතු වශයෙන් විශාල ලෙස දූෂණයට පත්ව ඇත. මෙය නැවත යථා තත්ත්වයට පත් කළ හැකිද.? ළිං ජලයේ ගුණාත්මක අගය වැඩි කළ හැකි ක්‍රමවේද මොනවා ද…?
මෙම ගැටලු දෙකටම පිළිතුරු ලැබෙන්නේ ස්වාභාවික පරිසරය සුරැකීම තුළිනි. එහෙත් මේ රට තුළ සිදුවන මහා පරිමාණ පරිසර දුෂණය තනි පුද්ගලයකු හට නැවැත්විය හැකි ද යන්න ගැටලුවකි. එහෙත් මහා පරිමාණයෙන් නොව තනි තනි වශයෙන් මෙම ගැටලුව සඳහා අනුගමනය කළ හැකි සරල උපක්‍රමයක් තමයි ඉහත දැක්වූයේ…
ඉතින් හෙට වන තුරු බලා නොසිට අදම අපගේ නිවසේ ඇති ළිඳ කුඹුකේ ලිඳක් බවට පත් කරමු.

උපුටා ගැනීමක්.







