BREAKING NEWS
Search

වෙනිසියුලාවේ අර්බුදය ගැන ජනපති අනුර ගන්නා නිර්භීත ස්ථාවරයට කොන්දේසි විරහිතව සහාය දෙන බව දිලිත් කියයි

248

ස්වෛරී රාජ්‍යයකට එරෙහිව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට එරෙහිව ජනපති අනුර කුමාර දිසානායක මහතා නිර්භීත ස්ථාවරයක දරන්නේ නම්, ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව සිය සහාය ජනපතිට ලබා දෙන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

X සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙනිසියුලාව පිළිබඳව වොෂින්ටනය කටයුතු කරන ආකාරයට නිසැකවම විරුද්ධ වන බවට කිසිදු සැකයක් නොමැති බවය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!