BREAKING NEWS
Search

අයවැයට පක්ෂව අත එසවූ මනෝට විනය ක්‍රියාමාර්ග

425

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාරිග ගත යුතු බවට සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීහු රැසක් එහි නායකත්වයෙන් ඉල්ලීම් කර සිටිති.

මනෝ ගනේෂන් මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරයෙකි. ඔහු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා ඊට පක්ෂව මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීම බරපතළ විනය විරෝධී කාරණයක් බව එම ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත.

පසුගිය මහ මැතිවරණයෙන් මනෝ ගනේෂන් මහතා පරාජයට පත් වී තිබිය දී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුණේ ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබාගෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. ඔහු එම විශ්වාසය බිඳ දමා ඇතැයි ද පක්ෂ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුව ද එය ව්‍යර්ථ විය. අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොණ්ඩමන් සහ වී රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය අවස්ථාවේදී අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා පැවැසුවේ වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කළ හෙයින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවයි. කෙසේ වෙතත් ගනේෂන් මහතා රනිල් වික්‍රමසිංහ මහතා 2024 දී චතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 350 කින් වැඩි කළ අවස්ථාවේ දී එම අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකළ බව පක්ෂ ක්‍රියාකාරීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!