BREAKING NEWS
Search

රන්වලගේ රිය අනතුරේදී රාජකාරී පැහැරහැරි OICලා 2ක් ඇතුළු නිලධාරීන් පිරිසකට විනය පරීක්ෂණ

134

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකළ බවය.

එම විමර්ශනයේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණ වූ බව අදාළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මුලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!