මෙවර ඉල් පොහොය දින රාත්‍රී අහසේ හරි අපුරු දෙයක් දකින්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියාද..? ඇත්තටම ඔව් මෙදා ඉල් පොහොය දවසේ පූර්ණ චන්ද්‍රයා එහෙමත් නැත්තම් super moon එකක් දැක ගන්න පුළුවන්.
මේ බව නවීන තාක්ෂණ පිළිබඳ “ආතර් සී ක්ලාක්” ආයතනයේ පරීක්ෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස ද සදහන් කරලා තියෙන්නේ මුහුදේ වෙනදාට වඩා වැඩි වඩදිය බාදිය උදම් රළ තත්ත්වයක්ද මෙදින ඇතිවිය හැකි බවයි.
වෙනත් පසලොස්වක දිනයන්ට දකින්න ලැබෙන පුර සඳට වඩා වැඩි විශාලත්වයකින් හා දීපිතියකින් යුත්තවන නිසා නෙන හඳ පූර්ණ චන්ද්‍රයා එහෙමත් නැත්තන් super moon එකක් ලෙස හැදින්වෙන බවයි.
සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා 14% ක් පමන මේ චන්ද්‍රයා විශාල වන අතර 30% ක් පමණ වැඩි දීප්තියකින් මෙම supermoon බබළනු ඇති බව අපේක්ෂා කරනවා.
මෙම Supermoon තත්ත්වයන් වර්ෂයකට කිහිප වතාවක් දැකගැනීමට අවස්තාව උදා වෙනවා වගේම සඳ ඉලිප්සාකාර කක්ෂයේදී පෘතුවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම නිසා මෙම තත්වය නිර්මාණය වෙනවා.
ඒ අනුව උදාවෙන ඉල් පෝහෝ දින චන්ද්‍රයා පෘතුවියට ආසන්න වශයෙන් කිලෝමීටර 356,980 පමණ අසන්නයට පැමිණෙනු ඇතියි.
පුරපසළොස්වක දිනක පමණක්ම නොව අමාවක දිනයන්හිදී ද මෙම supermoon අවස්ථා ඇතිවීමට හැකියාව පවතිනවා වගේම මේ වසරේ දක්නට ලැබෙන විශාලතම supermoon අවස්ථාව මෙය බව ද වාර්තා වෙනවා.
Source – Hiru Gossip







