BREAKING NEWS
Search

අර්ශ්දීප් සිං, මර්සෙඩීස් ජී-වැගන් එකක් අරගෙන තමන්ගේ ෆුට්සයිකලේ එක්කත් ෆොටෝෂූට් එකක් කරේ ඇයි දන්නවද?

354

 

අර්ශ්දීප් යෞවනයෙකු හැටියට පුහුණු වෙන කාලේ පාන්දර 5.30 ට තමයි ඇකඩමියේ ප්‍රැක්ටිස් පටන්ගන්නේ. ඔහු උදේ පාන්දර සීතලේම ගෙදර ඉඳලා කිලෝමීටර් ගානක් බයිසිකලය පැදගෙන තමයි ප්‍රැක්ටිස් වලට ගියේ. එක දවසක් ඔහු ප්‍රමාද වුණා.

“මොකද පරක්කු වුණේ?”, කෝච් ජස්වන්ත් රායි ඇහුවා.

“සර් කැමති දඬුවමක් දෙන්න”, අර්ශ්දීප් කිව්වා.

ටික වෙලාවකින් අර්ශ්දීප් ග්‍රවුන්ඩ් එක වටේ දුවනවා. ඔහු දුවන අතරේ කෝච් එළියට යනකොට දැක්කා අර්ශ්දීප්ගේ බයිසිකලය සාමාන්‍යයෙන් නවත්වන තැන නැති බව. කෝච් නැවත ග්‍රවුන්ඩ් එකට ගිහින් අර්ශ්දීප්ගෙන් ඇහුවා, “කෝ බයිසිකලය?” කියලා.

“බයිසිකලේ කැඩිලා සර්”

එදා ඔහු ප්‍රැක්ටිස් වලට ඇවිත් තිබුණේ කිලෝමීටර් ගානක් පයින්ම ඇවිදගෙන. ඒ ඇවිල්ලාත් ඔහු කෝච්ට දුක කියලා සාධාරණය ඉල්ලන්න ගියේ නෑ. පයින් ආවත් නැතත් වෙලාවට එන්න ඕන බව ඔහු දැනගෙන හිටියා. කවදාහරි මේ කොලුගැටයා ඉන්දියාවේ ඉහළටම යයි කියලා කෝච් දැනගත්තේ අන්න එදායි.

යෞවන කාලය නිමාවෙනතෙක්ම අර්ශ්දීප් ප්‍රැක්ටිස් වලට ගියේ ඒ බයිසිකලේ. ඉන්පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. දේශීය තරඟවලදී දස්කම් දක්වපු අර්ශ්දීප් IPL තරඟාවලියට තේරුණා. මේ වෙනකොට ඔහු තමයි ඉන්දියානු සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය වමත් වේගපන්දු යවන්නා.

පහුගිය දවසක ඔහු මර්සෙඩීස් බෙන්ස් ජී-වැගන් රථයක් මිළට ගත්තා. ඒක කොච්චර සැප වාහනයක් වුණත්, යෞවන වයසේදී තමන්ට ගමන් පහසුව සලසපු පුටාර් එක ඔහු අමතක කළේ නෑ. ඒ නිසා ඒකත් ඡායාරූපගත කළා.

උපුටා ගැනීම- අසංක හදිරම්පෑල 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *