BREAKING NEWS
Search

මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉගුරු දැමු තේ බොන්න එපා කියන්නේ ඇයි කියලා දන්නවද ?

813

 

අපේ රටේ ආහාර අතර මඤ්ඤොක්කා ආහාරයට ගන්න හුඟක් අය කැමතියි.. ඒ ආහාරය රසවත් නිසා ..

ඔන්න කොච්චි දාලා කොටපු රසම රස පොල් සම්බෝලයක් එක්ක රසට තම්බගත්ත මඤ්ඤොක්කා අල ඕන තරම් කන්න පුළුවන් නේද? හැබැයි කාලා රස වැඩි වෙන්න තේ එකක් බොන්නත් හිතෙනවා නේද? හැබැයි තේ එකට ඉගුරු දාලා බිව්වොත් ? ඒක ටිකක් භයානක වැඩක්… අද කියන්න හදන්නේ අන්න ඒ ගැනයි..

තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන් තේ වලට ඉගුරු එක් කිරීමට පෙළඹෙනවා.

ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත ඉගුරු සහ තේ වලට ඉගුරු වැඩියෙන් දමා සීනි අඩුවෙන් දැමීමෙන් තේ වල රසය මෙන්ම ගුණයත් තීව‍්‍ර වෙනවා.

ඒ වගේම මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉගුරු දැමු තේ නොබිය යුතු බවට මතයක් තියෙනවා. එහි ඇත්ත නැත්ත අපි සොයා බලමු.

මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉගුරු දැමු තේ බොන්න එපා කියල අප අසා ඇත. මේකට හේතුවක් තියෙනවා.

මඤ්ඤොක්කා සහ ඉගුරු වල ඇති රසායනිකයන් එකිනෙකට ප්‍රතික්‍රියා කරමින් විස සහිත රසායනිකයක් තනන නිසා තමයි මඤ්ඤොක්කා කෑමෙන් පස්සේ ඉගුරු සහිත කිනම් හෝ ආහාරයක්වත් ගන්න එපා කියන්නේ.

එම විස සහිත රසායනිකය මගින් සිරුරට අහිතකර අසාත්මිකතා ඇතිකරනවා.

වර්තමානයේ වෙළඳපොළට එන මඤ්ඤොක්කා වල සයනයිඞ් ප්‍රතිශතය අඩු බව විශේෂඥයන් තහවුරු කර ඇති අතර කෙසේ නමුත් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසුව ඉගුරු තේ නොබිමට වග බලා ගන්න.

ඒ අසාත්මිකතා ඇති වීමට ඉඩකඩ ඇතිවන බැවිනි.

උපුටා ගැනීමකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!