ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සුහද කතාබහක නිරත වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති දිසානායක මහතා පැවසුවේ, අඟහරුවාදා (23) ලොට් නිව් යෝර්ක් පැලස් හෝටලයේ පැවති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පවත්වන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ බවයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි රාජ්‍ය නායකයින් සඳහා විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ බව ඔහු තවදුරටත් පැවසීය. (Newswire)