BREAKING NEWS
Search

විශ්‍රාම වැටුප කපන්න එපා.. මන්ත්‍රීවරුන්ට අමාරුයි.!

427

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට යෝජනාවක් ගෙනැවිත් තියෙන බවට තමාට දැනගන්නට ලැබී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට තේරීපත්වනු මන්ත්‍රීවරුන් බහුතරයක් දේශපාලනයෙන් විශ්‍රාම ගියාට පසුව අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සඳහන් කරයි.

මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සඳහන් කළේ,

“මට දැනගන්න ලැබිලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න යෝජනාව ගෙනැල්ලා තියෙනවා කියලා. පාර්ලිමේන්තුවට පත්වුණ මන්ත්‍රීවරුන් බහුතරයක් අපි දන්න තරමින් දේශපාලනයෙන් විශ්‍රාම ගියාට අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා හිටියා.

මේකෙන් අපි දන්නා තරමින් 10% – 15%කට ඒක නැති වුණාට ප්‍රශ්නයක් නෑ. නමුත් බහුතරයකට මම දන්නා තරමින් මේ වැඩේ කරගන්න පුළුවන් කමක් නෑ. මමනම් කියන්නේ මාලිගාවල්, බංගලා දෙන්න අවශ්‍ය නෑ.

අනික මම කියන්නේ, දැන් මේ මුදල් ටික කප්පාදු කෙරුවා කියලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කෑම වේල රුපියල් 2000 කෙරුවා කියලා, ඒ වගේම මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුප අහිමි කෙරුවා කියලා මොකක්ද මේ රටේ ආර්ථිකය නංවාලීමට හම්බෙන දායකත්වය.”

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මේ බව සඳහන් කරයි.

Source – Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!