BREAKING NEWS
Search

’’පොඩි කොල්ලන්ට බස් එලවන්න දෙන්න එපා’’

1139

 

(සුජිත් හේවාජුලිගේ)

පළපුරුද්ද නැති පොඩි කොල්ලන්ට බස් එලවන්න දෙන්න එපා යැයි තමා බස් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

පොඩි කොල්ලන්ට බස්රථ එලවන්න දෙනවානම් එය අයිතිකරුවන් කරන බරපතළ වරදක් බවද ඔහු ප්‍රකාශ කළේය.

රිය එලවීම වගේම කාර්මික ඥානයද බස් රථ රියදුරාට අවශ්‍ය බවත් ඒ පදනම ඇති කිරීමට වහාම නීති ගෙන ආ යුතු බවත් විජේරත්න මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ගැමුණු විජේරත්න මහතා මෙසේද කීය.

බලපත්‍රයක් යටතේ බස් ධාවනය කරනකොට කොන්දේසි ගණනාවක් සපුරන්න ඕන. රියදුරාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වාහනේ කාර්මික තත්වය පිළිබඳව සහතිකයක් දෙන්න ඕන. ඒ වගේ අපේ බස් රථවල විශේෂයෙන්ම රියදුරාගේ පළපුරුද්ද බලනවා.

පොඩි කොල්ලන්ට මේ වගේ බස් රථය දීලා අයිතිකරුවන් කරලා තියෙන්නේ බරපතළ වැරැද්දක්. අපි නම් එහෙම යොදවන්නේ නැහැ. ඒ වගේම අපේ රියදුරන් කඳු පල්ලම් අනතුරු තියෙන තැන් ගැන විස්තර ඔක්කොම දන්නවා. අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින්

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!