BREAKING NEWS
Search

කොන්දේ අමාරු හදවත් රෝග මොහොතකට අමතක කරමින් දිවි පරදුවට තබා මිනිස්සුන් වෙනුවෙන් පිහිටවෙන බදුල්ලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ ජීවකයාණෝ..!

2802

මේ බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහත්මය..ඊයෙ ඇල්ල බස් අනතුර සිදුවෙලා විනාඩි කීපෙකින් අපිට ඇමතුමක් ලැබෙනව රාවණා ඇල්ල පල්ලමෙන් බස් එකක් ගිහින් කියල…මුලින්ම මතක් වුනේ ඩොක්ටර් පාලිතව…ඩොක්ටර්ට කෝල් එකක් ගත්ත.ඇමතුම ගත්ත ගමන් ඇහුනෙ වාහන සද්දෙකුයි ,සයිරන් හඬයි,මැෂින් එකක සද්දෙයි…”ඩොක්ටර් ..රාවනා ඇල්ලෙන් බස් එකක් පෙරලිලා ආරංචිද ඔබතුමාට..ඔව් හාමුදුරුවනේ…දැන් අපි අපේ ටීම් එකත් එක්ක එතනට යනගමන් මේ” ඒ තමයි වෛද්‍ය පාලිතගෙ හැටි…බදුල්ල අවට අනතුරක් වුණාද තමන්ගෙ ටීම් එකත් එක්ක පුලුවන් ඉක්මනින් එතනට එනව..මම දන්න විදියට එතුමට දරුණු කොන්දෙ අමාරුවක් වගේම හදවත් රෝගියෙක්..ඔබතුමාගෙ හදවත භෞතිකව අසනීප වුනාට මනුස්සකමින් ඒ හදවත හරිම නිරෝගියි.. ඒ කැපකිරීම නිසාම බේරගත්ත ජීවිත ගොඩක් තියෙනව…

මේ වෙනුවෙන් කැපවුන තවමත් කැපවෙන බදුල්ල ,බණ්ඩාරවෙල ,දියතලාව රෝහල්වල වෛද්‍ය කණ්ඩායම්,හෙද හෙදියන් , රෝහල් කාර්‍ය්මණ්ඩල සියලුදෙනාටමත් තෙරුවන් සරණින් දෙවි රැකවරණින් සියලු ආරක්ෂාව සැලසේවා ..🙏

උපුටා ගැනීමකී..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!