BREAKING NEWS
Search

අම්බලන්ගොඩ මහා පාරේ දමා ගිය මාස දෙකේ සිඟිත්තා.

308

අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදෙකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ සොයා ගනු ලැබූවේ මාස දෙකක් පමණ වයැසැති පිරිමි දරුවකු බව ද පොලීසිය කියයි.

අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාට ලබා දුන් තෙරතරුකට අනුව මහ පාර අයිනේ හඬමින් සිටි මේ කිරිකැටියා වහා රෝහල් ගතකර ඇත.

අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි රේණුකා මහත්මිය ඇතුලු පොලිස් කාන්තාවන් පිරිසක් මෙම සිඟිත්තා බළපිටිය රෝහලට රැගෙන ගියාය.

සිගිත්තාගේ සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් බව බලපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් කීවේය.

(එම්.සුසිල් ප්‍රියන්ත)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!