සහල් මෝල් හිමියෙකු ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසි ‘රත්න සහල්’ අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා විසින් මිලට ගන්නා ලද සුපිරි ‘රෝල්ස් රොයිස්’ මෝටර් රථයක් මෙරටට ගෙන්වා ඇත.
මෙම රථය 2025 වසරේ නිෂ්පාදිත Rolls-Royce Cullinan Series II වර්ගයේ සුපිරි SUV රථයකි.
සුපිරි මෝටර් රථයට අමතරව, රුපියල් බිලියන කිහිපයක් වටිනා ආසන 6ක් හෝ 7කින් සමන්විත ජෙට් යානයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු පවසයි.
මෙම යානය වාණිජ ව්‍යාපාරික ගමන් බිමන් සඳහා යොදා ගැනීමට අපේක්ෂිත අතර, ඒ හරහා විධායක නිලධාරීන්ට විදේශ සංචාර නිමවා එදිනම යළි දිවයිනට පැමිණීමේ පහසුව සැලසෙනු ඇතැයි ලංකේෂ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Lanka C News







