BREAKING NEWS
Search

ඩඩ්ලිගේ වැට ගලවන්න වේවි..! වැව් රක්ෂිතයේ ඉඩම් ඇල්ලු පිරිසට වෙනදේ ගැන ඇමැති ලාල් කාන්ත හෙලි කරයි

610

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් හෝටලයක් වැව් රක්ෂිතයෙන් කොටසක් අල්ලාගෙන ඇත්නම් මාධ්‍ය හමුවක් පවත්වා ඉන් ඉවත් විය යුතු බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

මොණරාගලදී අද (26) පැවැති වාරි මහිම අපේ උරුම වැඩසටහන යටතේ මොණරාගල සියඹලාණ්ඩුව කොට්ඨාසයේ වැව් සහ ඇළ මාර්ග 04ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ අනුරාධපුර නුවර වැව ආශ්‍රිතව කොටස් කිහිපයක් ජාතික ජන බලවේගයේ පිරිසක්ද අල්ලාගෙන ඇතැයි තමන්ට වාර්තා වී ඇති බවත් ඔවුන්ට ස්වේච්ඡාවෙන්ම ඉවත්වී යන ලෙස තමන් දැනුම් දුන් බවය.

“ඩඩ්ලිගේ එක අපි හරියටම බලන්නම් පොළොන්නරුව වැඩේදී එතුමා අනවසර ප්‍රමාණයක් අල්ලගෙන ඉන්නවානම් රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙද්දි යයි. යන්න වෙනවා එයා වගේ කෙනෙකුට නොගිහින් ඉන්නත් බෑ. මම කියන්නේ හරිනම් ප්‍රෙස් එකක් තියලා හරි නම් ඩඩ්ලි මහත්මයා කියන්න ඕනේ මගේ හෝටලයේ වාරිමාර්ගයට අයිති ප්‍රමාණයක් තියෙනවානම් මම දීලා අයින් වෙනවා. එතුමාගේ හෝටලේ මට දැනට තියන තොරතුරුවලට අනුව සංචාරක මණ්ඩලයෙන් තමයි අරගෙන තියෙන්නේ බදු පදනමට. හැබැයි හෝටලේ කටයුතුවලට වැවට අයිති භූමියෙනුත් වැටක් ගහලා කොටසක් තියෙනවා. දැනට වාර්තා වෙන විදිහට අපිට අයින් කරනවානම් අයින් කරන්න තියෙන්නේ හෝටලය තියෙද්දි වැඩිපුර අල්ලගත්ත කෑල්ලේ වැට ගලවන්න විතරයි. හෝටලය තියන කෑල්ල වාරිමාර්ගයට අයිති එකක් නෙමෙයි. අනුරාධපුරේ නුවර වැවේ සුද්ද කරන්න යනකොට මට දැන් වාර්තා වෙලා තියෙනවා අපේ අයත් කිහිප දෙනෙක් ඉන්නවා. මම කියුවා ඔක්කොටම කලින් අපි ස්වේච්ඡාවෙන් යනවා කියලා කියපල්ලා කියලා. මේ ආණ්ඩුව මේවා නොකළොත් වෙන එකෙක්වත් මේක කරන්නෙත් නැහැ.”

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!