BREAKING NEWS
Search

පරාක‍්‍රම සමුද‍්‍රය තාවුල්ලේ ඩඩ්ලිගේ ‘සුදු අරලිය’ හෝටලය ඉවත් කරන්නැයි කියයි..

21065

පරාක‍්‍රම සමුද‍්‍රය තාවුල්ලේ ඩඩ්ලිගේ ‘සුදු අරලිය’ හෝටලය ඉවත් කරන්නැයි කියයි..
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (ජූලි 18) ප්‍රකාශ කළේ වැව් රක්ෂිත ඉඩම් ආක්‍රමණය කරමින් ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරන බවයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට අභියෝග කරමින්, ජනතා විමුක්ති පෙරමුණේ (ජ.වි.පෙ.) හිටපු මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ “සුදු අරලිය” හෝටලය ඉදිකර ඇති බවත්, එය හැකි නම් ඉවත් කරන ලෙසත්ය.

එම හෝටලයේ එළිමහන් පිරිස් රැස් වන ස්ථානයට වතුර පිරුණු වහාම පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් විවෘත කරන බවටද ඔහු කියා සිටියි.

හරි හමන් වැසි නොලැබුණු තත්ත්වයන් යටතේ මෙම සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගොවීන් පවා පුදුමයට පත්වන බවත් ඔහු කියා පෙන්වා දෙයි.

ඉන්ද්‍රානන්ද සිල්වා මහතා අවධාරණය කළේ, කයිවාරු නොගසා ක්‍රියාවෙන් පෙන්වන ලෙසයි.

lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!