BREAKING NEWS
Search

දුනිත් වෙල්ලාලගේ කියන්නේ ලංකාවේ ක්‍රිකට්වල වෙනම පරිච්ඡේදයක්.

688

දුනිත් වෙල්ලාලගේ කියන්නේ ලංකාවේ ක්‍රිකට්වල වෙනම පරිච්ඡේදයක්. ඒක අතිශයෝක්තියක් නෙමෙයි.

මොකද දුනිත් පොඩි කාලේ ඉඳන්ම සෑහෙන්න විශේෂ දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක්.

ඒක ඉස්සරහටත් එහෙමයි.

පල්ලෙහා ලිපිය මම ලිව්වේ දුනිත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ආපු අලුතම.

එය අද නැවත පළ කරන්නේ දුනිත් ගැන දන්නවා කියලා හිතන් ඉන්න සමහර දෙනෙක්ට අලුත් දැනුමක්.

දුනිත් උඹට ජයෙන් ජයම වේවා…

—————————

“ක්‍රිකට් ලෝකයම පෙරළන්න හදන දුනිත් වෙල්ලාලගේ ගේ මෙතෙක් කතාව”

🔆 දුනිත් නෙත්මික වෙල්ලාලගේ ඉපදෙන්නේ 2003 ජනවාරි 9 වෙනිදා.

🔆 ඔහුගේ මුල් පාසල වෙන්නේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල.

2013 (වයස – අවුරුදු 10)
—–
🔆 2013 දී 10 හැවිරිදි දුනිත්ට විද්‍යාලයේ 13න් පහළ C කණ්ඩායමට සෙල්ලම් කරන්න අවස්ථාව හම්බෙනවා.

2014 (වයස – අවුරුදු 11)
—–
🔆 හරියටම අවුරුද්දකට පස්සේ 2014 දී ඔහුට පුළුවන් වෙනවා 13න් පහළ A කණ්ඩායමට ඇතුලත් වෙන්න.

🔆 2014 දී 13න් පහළ ශූරයෝ වෙන්නෙත් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල. මෙම සීසන් එකේ කඩුළු 57ක් ලබා ගන්න දුනිත්ට හැකි වෙනවා.

🔆 මේ තරගාවලියේ හොඳම පන්දු යවන්නා සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගන්නා දුනිත් අවසන් තරගයේ වීරයාද වෙනවා.

2015 (වයස – අවුරුදු 12)
—–
🔆 2015 දී 12 හැවිරිදි දුනිත්ට හැකි වෙනවා විද්‍යාලයේ 15න් පහළ කණ්ඩායමට ඇතුලත් වෙන්න. ඔහු ඒ සීසන් එකේදී කඩුළු 53ක් ලබා ගන්නවා.

🔆 Prima Cup අන්තර් දිස්ත්‍රික් තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් 15න් පහළ කණ්ඩායමේද, අන්තර් පළාත් තරගාවලියේ බස්නාහිර පළාත් 15න් පහළ කණ්ඩායමේද සාමාජිකයෙක් වෙන්න 12 හැවිරිදි දුනිත්ට හැකි වෙනවා.

🔆 2015 දී ශ්‍රී ලංකා 14න් පහළ කණ්ඩායමටද දුනිත්ව තෝරාගන්නවා.

2016 (වයස – අවුරුදු 13)
—–
🔆 2016 දී ද Prima Cup අන්තර් දිස්ත්‍රික් තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් 15න් පහළ කණ්ඩායමේද, අන්තර් පළාත් තරගාවලියේ බස්නාහිර පළාත් 15න් පහළ කණ්ඩායමේද සාමාජිකයෙක් වෙන්න 13 හැවිරිදි දුනිත්ට හැකි වෙනවා.

2017 (වයස – අවුරුදු 14)
—–
🔆 2017 දී ඔහු කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට පැමිණෙනවා.

2018 (වයස – අවුරුදු 15)
—–
🔆 2018 දී මැලේසියාවේ පැවති Tuanku Ja’afar Trophy අන්තර්ජාතික 15න් පහල ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වුණේද දුනිත්.

🔆 2018 දී අන්තර් පාසල් 19න් පහල දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශාන්ත ජෝශප් විද්‍යාලයට දිනා දෙන්න 15 හැවිරිදි දුනිත් ලොකු කාර්යභාරයක් සිදු කරනවා.

🔆 2018 පැවති ඉන්දියානු යොවුන් කණ්ඩායම සමග පැවති තරගාවලියේදී ශ්‍රී ලංකා 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන්නත් 15 හැවිරිදි දුනිත්ට හැකියාව ලැබුණා.

🔆 2018 බංග්ලාදේශයේ පැවති 19න් පහළ ආසියානු කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේද දුනිත් සාමාජිකයෙක් වුණා.

2019 (වයස – අවුරුදු 16)
—–
🔆 2019 දී අන්තර් පාසල් 19න් පහල දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශාන්ත ජෝශප් විද්‍යාලයට පිට පිට දෙවෙනි වතාවටත් දිනා දෙන්න දුනිත් ලොකු කාර්යභාරයක් සිදු කරනවා.

2020 (වයස – අවුරුදු 17)
—–
🔆 2020 දී මුරලි-වාස් කුසලානය ශාන්ත ජෝශප් විද්‍යාලයට ගෙන එන්නත් දුනිත්ගේ දායකත්වය ලැබෙනවා.

🔆 2020 අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මුල් වරට සහභාගී වූ “ලංකන් ක්‍රිකට් සමාජය”ට හැකි වුණා. 17 හැවිරිදි වියේ පසු වූ දුනිත් එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වුණා.

2021 (වයස – අවුරුදු 18)
—–
🔆 2021 අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A කොටසේ ශූරතාවය දිනා ගැනීමට දුනිත් නායකත්වය දැරූ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත් වුණා.

🔆 2021 දී බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමග පැවති තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේ දුනිත්.
ඔවුන් මෙම තරගාවලිය 5-0 ක් ලෙස ජයගත්තා.
තරගාවලියේ වැඩිම කඩුළුලාභියා වුණේ දුනිත්.

🔆 2021 දී එංගලන්ත 19න් පහළ කණ්ඩායම සමග පැවති තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේත් දුනිත්.
ඔවුන් මෙම තරගාවලිය 3-2 ක් ලෙස ජයගත්තා.
තරගාවලියේ වැඩිම කඩුළුලාභියා වුණේ දුනිත්.

🔆 2021 දී ඩුබායි හි පැවති 19න් පහළ ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේත් දුනිත්. ඔවුන් මෙම තරගාවලියේ අනුශූරතාවය දිනාගත්තා.

🔆 2021 පැවති 19න් පහළ ලෝක කුසලානයේදී තමයි ලංකාව ඇතුලේ ලොකු කතාබහක් නිර්මාණය වෙන්නේ. ඒ ඔහු කණ්ඩායමේ නායකත්වය දරමින් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයට වෙනකන් ගෙනිච්ච එකම නෙමෙයි.

🔆 මේ ලෝක කුසලානයේදී වැඩිම කඩුළුලාභියා වුණේ දුනිත් වෙල්ලාලගේ. ඒ වගේම 7 වෙනියට වැඩිම ලකුණුලාභියා වෙන්නෙත් ඔහු.

🔆 ලෝක කුසලානයට සහභාගී වී පැමිණෙන 18 හැවිරිදි දුනිත් කෙලින්ම යන්නේ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සියල්ලම වාගේ තරග වදින National Super League තරගාවලියේ යාපනය කණ්ඩායම නියෝජනය කරන්න.

🔆 යාපනය කණ්ඩායම ශූරතාවය දිනූ මෙම තරගාවලියේදී ඔහු කඩුළු 9 ක් ලබා ගන්නවා. අවසන් තරගයේදී සුවිශේෂී හැකියාවන් දක්වන්නත් ඔහුට පුලුවන් වෙනවා.

🔆 2022 අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A කොටසේ ශූරතාවය පිට පිට දෙවෙනි වතාවටත් දිනා ගැනීමට දුනිත් නායකත්වය දැරූ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත් වුණා.

🔆 2022 එංගලන්තයේ සංචාරය කළ ශ්‍රී ලංකා නැගී එන සංචිතයට දුනිත්ව නම් කෙරුණා. තරගාවලියේ වැඩිම කඩුළුලාභියා වුණෙත් දුනිත්.

🔆 දින කිහිපයකට පසුව දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කැඳවූවා. ඔහුට ජාත්‍යන්තර එක්දින වරම් දිනාගන්න ලැබුණා පසුගියදා පැවති ඔස්ට්‍රේලියවට එරෙහි තරගයේදී…

🔆 දුනිත්ගේ අතීත කතාව තමයි මේ. වර්තමාන සහ අනාගත කතා ලිවීම දුනිත් ට බාරයි.

දුනිත් නේමික වෙල්ලාලගේ, ඔබට ජය. 🙏🏼🙏🏼🙏🏼

———————-

– විකුම් හර්ෂණ –




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!