BREAKING NEWS
Search

නව වසර උදාවේදී ජපානයට භූමිකම්පාවක්..

1168

ජපානයේ නැගෙනහිර නෝඩා (Noda) කලාපයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (31) රික්ටර් මාපකයේ 6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා.

එය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙසයි.

මෙම භූ කම්පනය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 19.3ක් (සැතපුම් 11.99ක්) ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූ කම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, බලධාරීන් විසින් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!