BREAKING NEWS
Search

ආර්ථික වර්ධනය 7%ට ගේනවා.. මේ වසරේ බිලියන 7ක් සංචිත හදනවා..- ජනපති

315

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් කිරීමට ආසන්න බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

එම සමාගමේ ඩොලර් මිලියන 210ක ණය කොටස මෙම වසරේදී ප්‍රතිව්‍යුහගත කරන බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරි වසර සඳහා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී සියයට හතක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් පැවසූ ඔහු මෙම වසර අවසානයේ විදේශ සංචිතය ඩොලර් බිලියන හතකට ගෙන ඒමට අපේක්ෂා කරන බවත් පැවසුවේය.

2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩු කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් ඉතිහාසයේ ඉහළ ම ප්‍රාථමික අතිරික්කත්ය ලබන්න වසරේ සනිටුහන් කරන බවත් ඔහු කියා සිටියේය

Source – lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!