BREAKING NEWS
Search

පොත් ලක්‍ෂ හතරක පිටු ලක්‍ෂ අටක් ඉවත් කරලා – ස්කෝල පෙළ පොතක්වත් හරියට මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුවක්..!

732

වර්තමාන රජයට පාසල් පෙළපොතක් පවා නිසි ලෙස මුද්‍රණය කර ගැනීමට හැකියාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මුද්‍රණය කරන ලද පෙළපොත් ලක්ෂ හතරක, පිටු දෙක බැගින් පිටු ලක්ෂ අටක් පමණ ඉරා ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවත්, මෙය බරපතළ අකාර්යක්ෂමතාවක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

යම් වරදක් සිදු වූ විට එය පිළිගැනීමට තරම් නිහතමානී විය යුතු වුවද, වත්මන් පාලකයින් තමන් අතින් සිදුවන වැරදි ‘කුමන්ත්‍රණ’ ලෙස හැඳින්වීමට උත්සාහ කරන බව සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

“අනුන් අතින් වරදක් වූ විට දැඩි ලෙස විවේචනය කරන පිරිස, තමන් අතින් වරදක් සිදු වූ විට එය කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වනවා. තමන් මුද්‍රණය කළ පොතක වරදක් ඇත්නම් එහි වගකීම රජය භාරගත යුතුයි. ඒ වෙනුවට මේ සඳහා රහස් පොලිසියට යන්නේ කුමටද?” යන්න ඔහු ප්‍රශ්න කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා, ශානි අබේසේකර වැනි නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම පත් කරනු ලැබුවේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විය හැකි බවට අදහස් පළ කළේය.

රජය තමන්ගේ අසාර්ථකභාවය වසා ගැනීමට විමර්ශන ආයතන අවභාවිත කරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!