BREAKING NEWS
Search

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ – නාමල්

521

වත්මන් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා මර්දනයෙන් වැඩ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව දූෂණ, වංචා නවත්වන මුවාවෙන්, රටේ රාජ්‍ය යාන්ත්‍රණය කඩාකප්පල් කර, නිලධාරීන් හිරගෙවල්වල දමා, මෙරට රාජ්‍ය පාලන ක්‍රමය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව සූදානම් වනවා නම්, ආණ්ඩුවට ඒ සඳහා ඉඩ නොතබන බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නිවැරදි දේ බිය නොමැතිව සිදු කරන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද, ආණ්ඩුවේ භීෂණයට මර්දනයට යටත් නොවන ලෙසද, නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් කටයුතු කරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

කුමන පාලකයා බලයේ සිටියත් රට ගොඩනැඟිය යුතු බවත්, මිනිසුන්ට අසරණ වීමට ඉඩ දිය නොහැකි බවත්, අද වන විට ගොවියන්ගේ ගැටලු ආණ්ඩුව සාකච්ඡා නොකරන බවත්, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව කටයුතු කරන බවත් ඔහු පවසා සිටියා.

එසේම ආණ්ඩුව තමන්ගේම පක්ෂයෙන් දෙදෙනෙක් පැහැරගෙන යන තෙක්ම ආරක්ෂක ඇමති නොදන්නා බවත්, හෙට වන විට රටේ ජනාධිපති හෝ අගමැතිව පැහැරගෙන ගියද ඔහු නොදන්නා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *