අභ්‍යවකාශ ගවේෂණයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ක්‍රියාත්මක වන ‘ආටෙමිස් II’ (Artemis II) මෙහෙයුමට සමගාමීව තම නම අභ්‍යවකාශයට යැවීමේ අවස්ථාව නාසා ආයතනය විසින් මහජනතාවට ලබා දී තිබෙනවා.
නාසා ආයතනය විසින් ආරම්භ කරන ලද “Send Your Name with Artemis II” වැඩසටහන යටතේ ලොව ඕනෑම අයෙකුට තම නම ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මෙලෙස ඉදිරිපත් කරන නාමයන් ‘ඔරායන්’ (Orion) අභ්‍යවකාශ යානය තුළ තැන්පත් කර සඳ වටා ගොස් යළි පෘථිවියට රැගෙන ඒමට නියමිතයි.
මෙය නාසා ආයතනයේ ‘ආටෙමිස්’ වැඩසටහන යටතේ ගගනගාමීන් පිරිසක් රැගෙන යන පළමු අභ්‍යවකාශ ගමනයි.
මෙම මෙහෙයුම 2026 වසරේ අප්‍රේල් මාසයේදී දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
දින 10ක පමණ කාලයක් පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක අතර අනාගතයේදී මිනිසුන් ගැඹුරු අභ්‍යවකාශය වෙත යැවීමට අවශ්‍ය පද්ධති සහ දෘඩාංග පරීක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
Hiru Gossip







