BREAKING NEWS
Search

ජනාධිපතිතුමාට දැන් නම් පවා පටබැඳිලා තියෙනවා බදු කුමාර කියලා. – ආණ්ඩුවට දිලිත්ගෙන් චෝදනාවක්

503

වත්මන් රජය ජනතා අභිලාෂයන්ට පටහැනිව කටයුතු කරන බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා පැවසුවේ ජනතාව මත පනවන බදු සම්බන්ධව රජය බලයට පත්වීමට පෙර සිදුකළ ප්‍රකාශ සියල්ල සහ වර්ථමානයේ ඔවුන් කටයුතු කරන ආකාරය ප්‍රශ්න සහගත වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“රජය දැන් ජනතාව බලාපොරොත්තු වුණ සියලුම දේට පයින් ගහලා තියෙන බව දැන් පැහැදිලියි. ජනාධිපතිතුමාට දැන් නම් පවා පටබැඳිලා තියෙනවා බදු කුමාර කියලා. බදු සම්බන්ධව ඔවුන් කලින් කතා කළේ කොහොමද දැන් කතා කරන්නේ මොකක්ද ? දැන් මේ ගහගෙන ගහගෙන යන බදු IMF නාමයෙන්, රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ න්‍යායාචාර්යතුමාගේ වැඩපිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරමින් ගෙන යන මේ වැඩපිළිවෙළ මේ රටේ මිනිසුන්ගේ උදහසට ලක්වෙලා තියෙනවා.

ඒ වගේම ලොව පුරා පැනවූ ට්‍රම්ප් බද්ද ආණ්ඩුව මොනවා කියුවාත් උන්න හැටියට මලා මදැයි කියලා දැන් කතාවක් කියමින් ඉන්නවා දැන් අපිට 30%යි ගැහුවේ කියලා. නමුත් යථාර්තය තමයි අපේ සියලු බඩු මත ආනයනය කළාම 30%ක් මිල වැඩියි එතකොට බඩු විකිණෙන්නේ නෑ. එතකොට බඩු විකිණෙන්නේ නැති වුණාම අපේ අපනයනයන් වැටෙනවා. අපනයන වැටුණාම අපේ මිනිස්සුන්ට රස්සා නැතිවෙනවා, රටට ධනය නැති වෙනවා. ඕක තමයි යතාර්ථය.”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!