BREAKING NEWS
Search

හැම දරුවෙක්ම ලොකු වුනාම වසන්ත මාමා වගේ වෙන්න.. සියළුම ඩෝබි නිවාඩු අවලංගුයි.. ජාත්‍යන්තර ලොන්ඩරි අවශ්‍යයි…- චමුදිත

1301

ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හිරු නාලිකාවේ විකාශය වූ “පත්තරේ විස්තරේ” වැඩසටහනට එක්වෙමින්, වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව අදහස් පළ කර ඇත.

සමරවික්‍රම මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ, ඊර්ෂ්‍යාව, කුහකකම සහ වෛරය වැනි දේවල් පසෙක තබා “හැම දරුවෙක්ම උත්සාහ කරන්න ඕනේ ලොකු වුනාම වසන්ත මාමා වගේ වෙන්න” කියාය.

තවදුරටත් ඔහු සඳහන් කර ඇත්තේ, “ලොකු වුනාම ඉරිසියාව පැත්තකින් තියලා පුතේ දුවේ දියුණු වෙන්න බලන්න. හොඳට ඉගෙන ගත්තත් නොගත්තත් කමක් නෑහ. වසන්ත මාමා වගේ වෙන්න උත්සාහ කරන්න” යනුවෙනි.

වත්මන් දේශපාලනඥයින්ගේ දේපළ ඉපැයීම් පිළිබඳවද ඔහු මෙලෙස අදහස් පළ කර තිබේ.

“අපිට තියෙන්නේ දේපල පරම්පරාවෙන් අනිත් අයට තියෙන්නේ හොරා කාපුවා අපේ සල්ලේ තියෙන්නේ පරම්පරාවෙන් ආපුවා අරගොල්ලන්ට තියෙන්නේ කොමිස් ගත්ත ඒවා”.

“ඒ නිසා අපි සමාජවාදීන් ඒගොල්ලෝ හොරු එහෙමනේ කිව්වේ ඒගොල්ලෝ ප්‍රභූ එතකොට අපි අපි නිව් ප්‍රභු ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ” යනුවෙන්ද සඳහන් කර ඇත.

ඔහු වසන්ත සමරසිංහ මහතාගේ දේපළ සම්බන්ධයෙන්ද ප්‍රශ්නයක් මතු කර තිබේ. “ප්‍රශ්නේ තියෙන්නේ තමුත්තේගම වසන්ත සමර සිංහගේ ෆයිල් එක තබුත්‍ත්ගම ඩබල් කැයි තිබුනේ නැත්තේ මොකද කියලා. අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ” යනුවෙන් සමරවික්‍රම මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

මෙම දේපළ චෝදනා පිළිබඳව උපහාසාත්මකව අදහස් දක්වමින් සමරවික්‍රම මහතා කියා සිටියේ, “වහාම ලංකාවේ සියලුම ලොන්රිවල නිවාඩු අවලංගු කර තිබෙනවා. ඒ නිසා වහාම නිවාඩු ගිය ඩෝබිවරු වහම සේවයට වාර්තා කරන්න. ජාත්‍යන්තර මට්ටමේ වසර පහක් අත්දැකීම් ඇති ලොන්ඩරි කරුවන් සිටී නම් වහාම අමතන්න” යනුවෙනි

source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!