BREAKING NEWS
Search

30 ඒ කතාව ඇසූ සැම මවිත වෙයි.. ට්‍රම්ප්ගේ රසිකයෙක් වුණු සුප්‍රකට ගායිකාවට ලැබුණු ඒ අවස්ථාව මොකක්ද කියලා දන්නවාද..?

255

ඇය ලොවක් හඳුනන තරුවක්.

රසිකයින් බොහෝ දෙනෙක් ඇයට ආදරය කරද්දී, ඇය නම් කියන්නේ ඇය ට්‍රම්ප්ගේ රසිකයෙක් කියායි.

ප්‍රසිද්ධ රැප් ගායිකාවක වන නිකී මිනාජ් තමාට ජනාධිපති ට්‍රම්ප්ගේ ආගමන විගමන රන් කාඩ්පත (Gold Card) ලැබී ඇති බවත්, තමා දැන් ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේ අවසන් අදියරේ සිටින බවත් අනාවරණය කර තිබෙනවා.

ඇය මෙය ඇගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙසයි හඳුන්වන්නේ.

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී ට්‍රම්ප්ගේ ඉදිරිපිට දීම සභාව අමතා තමා ට්‍රම්ප්ගේ “අංක එකේ රසිකයෙක්” ලෙස ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ඇය මෙම රන් කාඩ්පත ප්‍රදර්ශනය කළා.

ඇයගේ ප්‍රකාශයෙන් පසුව ඉතා හෘදයාංගම අයුරින් ට්‍රම්ප් ඇයගේ අත අල්ලාගනිමින් වේදිකාවේ සිටිනු දක්නට ලැබුණා.

එහිදී ඇය ජනාධිපතිවරයා විසින් දරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් නව ආයෝජන ගිණුම්වලට මූල්‍යමය වශයෙන් ආධාර කරන බවට ද පොරොන්දු වූවා.

තමාට එල්ල වන විවේචන හෝ මිනිසුන් පවසන දේ තමාට කිසිසේත්ම බලපෑමක් නොකරන බවත්, එය ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාට තව තවත් සහය වීමට තමාට දිරිගැන්වීමක් වන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

මිනාජ් විසින් X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මෙම ‘රන් කාඩ්පතේ’ ඡායාරූපයක් පළ කළා.

ඇය පවසා සිටියේ තම ‘අති විශිෂ්ට, කාරුණික සහ ආකර්ශනීය’ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පුරවැසිභාවය පිළිබඳ ලේඛන කටයුතු මේ වන විට අවසන් කරමින් සිටින බවයි.‍

සාමාන්‍යයෙන් මෙම කාඩ්පතක් සඳහා ඩොලර් මිලියන 1ක මුදලක් නියම කර තිබුණද, මිනාජ් සඳහන් කළේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව එම ගාස්තුව ඉවත් කර තමාට එය නොමිලේ ලබා දුන් බවයි.

මෙම කාඩ්පත මගින් විදේශිකයන්ට වහාම ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලැබෙන අතර, එවැනි පදිංචිකරුවන්ට වසර පහකට පසු පූර්ණ පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකියි.

ට්‍රිනිඩෑඩ් දූපතේ උපත ලැබූ මිනාජ් මීට පෙර හෙළි කර තිබුණේ, ඇය වයස අවුරුදු 5 දී නීති විරෝධී සංක්‍රමණිකයෙකු ලෙස ඇමරිකාවට පැමිණි බවයි.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!