BREAKING NEWS
Search

බදු වෙනස්.. අලුතෙන් එන සමහර වාහන මිල ඉහල යාවි.මාකට් එකේ මිල අඩුවේවි.! – ඇමති විජිත හේරත්

230

ඉදිරියේදී යළි වාහන වෙළෙඳපොළ විවෘත කිරීමේදී පවතින විදේශ සංචිත ප්‍රමාණය සම්බන්ධයෙන් සලකා බලමින් වාහන ආනයනය කිරීම අදියර කිහිපයක යටතේ ක්‍රමානුකූලව සිදු කරන බව විදේශ ඇමති විජිත හේරත් මහතා පවසයි.

එසේ වාහන ආනයනයේදී බදු අනුපාතයන් වෙනස් කර ඇති බවත් යම් සීමාවකට යටත්ව වාහන ආනයනය කිරීම සිදුකරන බවත් පැවසුවේය.

එය අනුව බදු අනුපාතයන් ඉහල යාමත් සමග ආනයනික වාහන වල මිලද ඉහල යනු ඇති බවද පැවසූ ඔහු නව වාහන පැමිණීමත් සමග ඇතිවන තරගකාරීත්වය තුළ යම් වාහනවල මිල අඩුවීමේ හැකියාවක් ඇති බවත් තවදුරටත් කියා සිටියි.

දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනකදී ඔහු මෙසේ පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!