BREAKING NEWS
Search

පියා දුවගේ උපන් දිනය සමරද්දී ඇල්ල රොක් කඳුවැටියෙන් ඇද වැටී මරුට

2651

සිය දියණියගේ 34 වන උපන් දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ජාතික පියෙකු, ඇල්ල රොක් කඳුවැටියේ චාරිකාවක නිරතව සිටියදී එතැනින් ඇද වැටීමෙන් පෙරේදා (25) දින මරණයට පත්ව ඇති බව ඇල්ල පොලිසිය තහවුරු කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඕක්පාත් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 63 හැවිරිදි බ්‍රේටර් මැක්ලන් නැමැති විදේශීය සංචාරකයෙකි.

 

 

 

මියගිය පුද්ගලයා, සිය දියණිය වන නතාලි ඈන් ගේ උපන් දිනය සැමරීමේ අරමුණින් ඉකුත් 16 වන දින ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. පොලිස් ආරංචි මාර්ගවලට අනුව, ඔවුන් දෙදෙනා පළමුව මාතර සහ වැලිගම ප්‍රදේශවල සංචාරයක නිරත වී ඇති අතර, පසුව ඉකුත් 23 වන දින ඇල්ල සංචාරක නගරයට පැමිණ එහි හෝටලයක නවාතැන් ගෙන ඇත.

මෙම පියා සහ දියණිය ඇල්ල රොක් කඳුවැටිය නැරඹීමට ගොස් සිටියදී පියා හදිසියේම කඳු මුදුනෙන් පහළට ඇද වැටී තිබේ. අනතුරෙන් පසු ඔහුව වහාම බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කළ ද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය පිළිබඳව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගරු ගැමුණු චන්ද්‍රසේකර මහතා විසින් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇත. මෘත ශරීරය බදුල්ල ශික්ෂණ රෝහල වෙත යොමු කර, එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා, ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා ඇල්ල පොලිසියට නියෝග කර තිබේ.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *