BREAKING NEWS
Search

වසර 19ක් යුක්තිය ඉල්ලූ තාත්තා, යුක්තිය නොලබාම අවසන් ගමන් යයි…

3892

 

 

මේ වසර 19ක් පුරා යුක්තිය ඉල්ලූ තාත්තා කෙනෙක් ගැන ඇහෙන සංවේදී කතාවක්.

ත්‍රිකුණාමලයේ පාසල් ශිෂ්‍යයන් පස්දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට යුක්තිය ඉල්ලා වසර 19ක් සටන් කළ, ඝාතනයට ලක්වූ එක් ශිෂ්‍යයෙකුගේ පියෙකු වූ වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

2006 ජනවාරි 02වැනිදා ත්‍රිකුණාමලයේ ගාන්ධි පිළිරුව අසල වටරවුමේදී මේ සිසු පිරිස ඝාතනයට ලක් විය.

මේ සිසුන් පස්දෙනා අත් බෝම්බයක් දමාගැසීමට උත්සාහ කළ අවස්ථාවේ එය ඔවුන් අතේ පුපුරායෑම නිසා මියගිය බව මුලදී පැවැසිණි.

පසුව මාධ්‍ය මගින් වාර්තා කළේ එසේ බෝම්බයක් ගැසීමට යෑමේදී වෙඩි තැබීමෙන් සිසුන් මරණයට පත්වූ බවයි.

කෙසේ වෙතත් වෛද්‍ය මනෝහරන් මහතා සිසුන්ගේ මෘතදේහ හඳුනාගැනීම සඳහා මෘත ශරීරාගාරයට ගිය අවස්ථාවේ ඔවුන්ගේ සිරුරුවල තිබූ වෙඩි උණ්ඩ සලකුණු පිළිබඳව නිරීක්ෂණය කර තිබිණි.

ඉන්පසු මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දරාජන් සුඩර්ඔලි පුවත්පත මගින් ඡායාරූප සහිතව අනාවරණය කරන ලද්දේ මේ ඝාතන වෙඩි තැබීමෙන් සිදු කළ ඒවා බවයි.

ඊට දින කිහිපයකට පසු අධිආරක්ෂිත කලාපයකදී සුගීර්දරාජන් ඝාතනය කෙරිණි.

මෙම සිසු ඝාතනය සම්බන්ධයෙන් වෛද මනෝහරන් මේ සිදුවීමට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සටනක නිරත වූ අතර, ඔහු යුක්තිය නොලබාම මියගොස් තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්වූ සිසුන් වූයේ මනෝහරන් රාගිහර්, යෝගරාජ් හේමචන්ද්‍ර, ලෝගිදරාජ් රොහාන්, දන්ගතුරෙයි සිවානන්දන්, ශන්මුගරාජ් ගජේන්ද්‍රන් යන සිසුන් පස්දෙනා ය.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *