BREAKING NEWS
Search

වාහන ගේන දැන්වීම් දමා ජනතාව කලබල කරවන්න එපා..! – වාහන සමාගම්වලට රජය දන්වයි.

184

වාහන ආනයනය සම්බන්ධයෙන් විවිධ දැන්වීම් පළ කරමින් ජනතාව අවුල් සහගත තත්ත්වයට පත් නොකරන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා වාහන ආනයන සමාගම්වලින් ඉල්ලයි.

වාහන ආනයන සීමාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පැවති සංවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

“යම් සීමාකිරීම් සහිතව වාහන ආනයනට ඉඩදෙන්න තමයි රජය කටයුතු කරන්නේ. එහෙම කිව්වා කියලා ඕන වාහනයක් ආනයනය කරන්න ඉඩදෙනවා වගේ දැන්වීම් දාලා ජනතාව අවුල් සහගත තත්ත්වයට පත්කරන්න එපා කියන එක සමහර ආයතනවලින් ඉල්ලන්න කැමතියි.

මොකද ඒ ආනයනට තීන්දු ගනිද්දී අපේ සංචිතය පිළිබඳව, අපේ ආර්ථිකය පිළිබඳව සැලකිලිමත් වෙමින් තමයි තීන්දුව ගන්නේ ක්‍රමාණුකූලව. එසේ නොවුණහොත් ආර්ථිකයට බරපතළ පීඩනයක් එල්ල වෙන ආකාරයට ඒ තීන්දුව ගන්න අපි සූදානම් නැහැ.”

උපුටා ගැනීම : Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!