BREAKING NEWS
Search

ඉහල නියෝගයකින් කතරගම රිලා මෙහෙයුම නවතයි – ඇල්ලූ රිලවු කතරගමටම අතහරිති..

221

ජන ජිවිතයට දැඩි පීඩනයක් සිදු කරනු ලබන රිළවුන් සහ වඳුරන් ඇල්ලීමේ කතරගම වැඩසටහන නවතා දමා තිබේ.

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රතිපාදන මත කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් මත වඳුරන් ඇල්ලීම පිණිස පුහුණු වූ වනජීවී නිලධාරීන් යොදවා කතරගම මෙම වඳුරන් ඇල්ලීම පසුගියදා සිදු කරන ලදී.

වන සතුන්ට හිරිහැරයක් නොවන පරිදි පලතුරු දමා මෙම සතුන් ඇල්ලීම කර යාල වනයට මුදා හැරීමට නියමිතව තිබුණි.

ඉතා සාර්ථකව මෙම සතුන් ඉවත් කිරීමට ගත් පියවර නැවත්වීම සම්බන්ධයෙන් කතරගම ජනතාව වනජීවී නිලධාරීන්ට චෝදනා කරති.

ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඒ. යූ. ඩී. ඉන්ද්‍රජිත් මහතා ගෙන් විමසීමේදී ඔහු අදහස් දක්වමින් සඳහන් කළේ කතරගම වනජීවී නිලධාරීන් විසින් සතුන් ඇල්ලීම නොකළ බවත්, වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිදු උසස් නිලධාරියකු තමන්ට සතුන් ඇල්ලීමට නියෝග නොකළ බවත් ඉන්ද්‍රජිත් මහතා සඳහන් කරන ලදී. එය වෙනත් පිරිසක් විසින් සිදු කළ ක්‍රියාවක් බව ඔහු කියයි.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ කෘෂිකර්මාන්ත අමාත්‍යතුමාගේ උපදෙස් මත මෙම සතුන් ඇල්ලීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දීමට තමන් ක්‍රියා කළ බවත්, ඒ සඳහා පූර්ණ සහාය දුන් බවත් එය නැවතීම සම්බන්ධයෙන් කනගාටු වන බවයි.

මේ සම්බන්ධයෙන් කෟෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් කතරගම එවන ලද අතර ඒ වනවිට අල්ලා ගත් රිළවුන් කතරගම ප්‍රදේශයටම මුදාහැර ඇති බව ජනතාව වෝදනා කරති.

– කතරගම කේ. ඩී. දේවප්‍රිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!