BREAKING NEWS
Search

රජයේ රෝහලක සිදුකළ පළමු නළදරු ගැබ්ගැනීමේ දරු ප්‍රසූතිය සාර්ථකයි

2813

කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයන අංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානය (IVF Centre) මගින් නළදරු තාක්ෂණය භාවිත කරමින් සිදුකල සාර්ථක ගැබ් ගැන්වීම පසුගිය වසරේ දී සිදු කෙරුණු අතර මෙම සාර්ථක ගැබ් ගැන්වීමට යොමු වූ මවගේ දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමකින් අද (31) රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී සාර්ථක ලෙස සිදු කෙරිණි.

මෙම සැත්කම සිදු කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යනාංශයේ, ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රසික හේරත් මහතා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

රාජ්‍ය අංශයේ IVFමධ්‍යස්ථානයක නළදරු තාක්ෂණය භාවිත කරමින් සිදුකළ ගැබ් ගැන්වීමකින් පසු, රජයේ රෝහලක දී සිදු කරනු ලැබූ පළමු දරු ප්‍රසූතිය මෙය වීම විශේෂත්වයකි.

මෙම දරු ප්‍රසූතියට යොමු වූයේ තිස් එක් හැවිරිදි මවක් වන අතර ඇයත් දරුවාත් මේවන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙයි.

මෙම නළදරු ගැබ්ගැන්වීම රාජ්‍ය අංශයේ IVF මධ්‍යස්ථානයකින් සිදුකළ පළමු සාර්ථක නළදරු ගැබ් ගැන්වීම වීම වන අතර මෙය සිදුකරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, ප්‍රසව හා නාරිවේද අධ්‍යනාංශයේ, ප්‍රසව හා නාරිවේද සහ මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුරංග හෙට්ට්පතිරණ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

වසරක පර්යේෂණ කාර්යයක සාර්ථක ප්‍රතිඵලයක් වූ මෙම නළදරු ගැබ් ගැන්වීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකරන ලද සුවිශේෂී කර්තව්‍යකි.

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!