BREAKING NEWS
Search

ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ අගරදගුරු ලෙස පළමු වරට කාන්තාවක්

242

ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ පැවති දේව මෙහෙයේදී එංගලන්ත පල්ලියට නායකත්වය දෙන කැන්ටබරි හි 106 වන අගරදගුරු ලෙස පළමු වරට කාන්තාවක් පත්කර තිබේ.

මෙලෙස කැන්ටබරි හි පළමු කාන්තා අගරදගුරු තුමිය ලෙස 63 හැවිරිදි සාරා මුල්ලලි මහත්මිය දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රජු එංගලන්ත පල්ලියේ ප්‍රධානියා වන අතර, කැන්ටබරි අගරදගුරු පදවිය දරන පුද්ගලයා ජ්‍යෙෂ්ඨතම බිෂොප්වරයා වන අතර පල්ලියේ සහ ලෝක ව්‍යාප්ත ඇංග්ලිකන් හවුලෙහි අධ්‍යාත්මික නායකයා වේ.

මුල්ලලි මහත්මිය මෙම වසරේ මාර්තු මාසයේදී කැන්ටබරි ආසන දෙව්මැදුරේදී සිංහාසනාරූඪ වනු ඇති අතර, එහිදී ඇය අගරදගුරු පදවිය සඳහා සිය පළමු දේශනය පවත්වනු ඇති බවත් එය ඇගේ මහජන දේවසේවයේ ආරම්භය සනිටුහන් කරන බවත් විදෙස් මාධ්‍ය පවසයි.

Lankadeepa (හසිනි නවෝද්‍යා)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!