BREAKING NEWS
Search

ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමක්

848

ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ.

ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව සඳහන්ව ඇත්තේ අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පුරෝකථනයන්ට අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝණිවලට වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බැවින් මෙම තත්ත්වය ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුවෙන් අදාළ දිස්ත්‍රික්කවල පිහිටි ගංගා නිම්න ආශ්‍රිත පහත්බිම්වල හා ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!