BREAKING NEWS
Search

ද.කොරියානු ඉතිහාසයේ ප්‍රථම වරට ජනපති සහ ආර්‍යාව යන දෙදෙනාම සිරගත කරයි

1688

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරුන් බොහෝ දෙනෙකු සිරගත කර ඇත, නමුත් හිටපු ජනාධිපතිවරයෙකු සහ ජනාධිපති ආර්යාව යන දෙදෙනාම එකවර සිරගත කළ පළමු අවස්ථාව මෙයයි. 🇰🇷

සිරගත කර ඇති හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ (Yoon Suk Yeol) බිරිඳ වන කිම් කියොන් හී (Kim Keon Hee), කොටස් වෙළෙඳපොළේ තොග වාසිදායක ලෙස හැසිරවීම, අල්ලස් ගැනීම සහ මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් කිරීම ඇතුළු චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී. ඇය සියලු චෝදනා ප්‍රතික්ෂේප කළද, සාක්ෂි විනාශ කිරීමේ අවදානමක් තිබෙන බව අධිකරණය පෙන්වා දී, ඇයට ඇප නොදී සිටීමට කටයුතු කළේය.

🕰 පසුබිම් කතාව

හිටපු ජනාධිපති යූන් සුක් මහතා, අසාර්ථක යුද නීතියක් පැනවීමට උත්සාහ කළේ යයි චෝදනා යටතේ, මේ වන විට ඔහුව ධූරයෙන් පහ කර අත්අඩංගුවේ පසුවේ. ඔහුගේ බිරිඳ වන කිම් කියොන් හී, කොටස් වෙළෙඳපොළේ මිල වංචා කිරීමේ සිට මතභේදාත්මක එක්සත් පල්ලියෙන් (Unification Church) සුඛෝපභෝගී තෑගි ලබා ගැනීම දක්වා, යූන්ගේ ජනාධිපති ධූර කාලය පුරාම විවේචනයට ලක්විය. ඊට අමතරව, 2022 සහ 2024 මැතිවරණවල දී දේශපාලන අපේක්ෂක නාමයෝජනා සඳහා බලපෑම් කළ බවට ද ඇයට චෝදනා එල්ල වී ඇත.

🌏 මෙම සිද්ධියේ ඇති වැදගත්කම

මෙම සිද්ධිය, දකුණු කොරියාවේ දේශපාලන දූෂණයට එරෙහි අඛණ්ඩ අරගලය සහ ඉහළම පෙළේ දේශපාලන නයකයින්ට පවා නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති කැමැත්ත ඉස්මතු කරයි. “කිසිවෙකු නීතියට වඩා උසස් නොවේ” එය, වත්මන් ජනපති ලී ජේ මියුන්ගේ ද ප්‍රතිපත්තියකි.

මූලාශ්‍රය: ඩේලිමිරර්

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!