BREAKING NEWS
Search

ප්‍රංශයේ හිටපු ජනපති අවුරුදු 5 ක් හිරේ

541

 

ප්‍රංශ අපරාධ අධිකරණය, එරට හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කළේය.

ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවකට හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි වරදකරු වූ බවය.

සාර්කෝසි 2007 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් ලැබුණු එම මුදල් යෙදවීමෙන් යැයි ද චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ නමුත්, නීතිවිරෝධී අයුරින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම ඇතුළු මෙම නඩුවේ අනෙකුත් සියලු චෝදනාවලින් සාර්කෝසි නිදහස ලැබූ බව ද පැවැසෙයි.

සාර්කෝසි දේශපාලනයෙන් සමුගත්තේ, 2017 වසරේදීය. ප්‍රංශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඔහු අභියාචනයක් ඉදිරිපත් කළ ද, එය විභාග වන තුරු හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් දඬුවම අත්හිටුවන තුරු, සාර්කෝසිට සිර දඬුවම විඳීමට සිදුවනු ඇති බවය.

70 හැවිරිදි සාකෝසි 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි අමු අමුවේ ඝාතනය වූයේ 2011 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. ඊට හේතුව වූයේ, බටහිර උසි ගැන්වීමෙන් ලිබියාවේ හටගත් ජනතා කැරැල්ලය.

Source – Lankadeepa

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *