වින්ග් කමාන්ඩර් නිර්මාල්ගේ දේහයට හිටපු ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි.
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමු ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ නිල කටයුතු සඳහා සිදුකළ සංචාර රැසකට ගුවන් නියමුවා ලෙස එක්වී තිබුණේ ද ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතා ය.
දේහය පිළිබඳ අවසන් කටයුතු දෙහිවල – ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අද පස්වරු 4ට සිදුකිරීමට නියමිතය.








