BREAKING NEWS
Search

පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටි ළමුන් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි. ඉන්දියාවෙන් ඇසෙන සංවේදී පුවතක් මෙන්න

726

ඉන්දියාවේ රාජස්ථාන්හි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී අද (25) පෙරවරුවේ සිදු වූ අනතුරකින් ළමුන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් 40කට වැඩි පිරිසක් සිරවී සිටින බවද එහි සඳහන්.

ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40 දෙනෙකු පමණ සිට තිබේ.

මෙම ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ තිබූවක් වන අතර, ඒ සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි කිහිපයක්ද ලැබී තිබූ පසුබිමකම මෙම අනතුර සිදුව ඇත.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!