ප්‍රංශය පදනම් කරගත් සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන, කොන්ඩේ නාස්ට් වෙබ් අඩවිය, ඔවුන්ගේ පාඨකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකර තිබෙන සමීක්ෂණයකට අනුව, ලංකාව ලෝකයේ හොඳම ආහාර ගමනාන්ත දහය අතරට එක්කර තිබෙනවා.
ලෝකයේ හොඳම ආහාර ගමනාන්ත දහය අතර ලංකාවට හිමිව ඇත්තේ හත්වන ස්ථානයයි.
ලංකාව සමඟ හොඳම ආහාර ගමනාන්ත දහයට පැමිණ තිබෙන රටවල් අතර, ප්‍රංශය, ඉතාලිය, ග්‍රීසිය, මාලදිවයින සහ තායිලන්තය ආදී රටවල් අයත්.
යාපනයේ වෙරළබඬ කකුළු වෑන්ජනයේ සිට ගාල්ලේ පොල් සම්බෝලය දක්වා ශ්‍රී ලංකාවේ ආහාර, කෑම රුචියත් ආත්මයත් යන දෙකම සන්තර්පණය කරන බව ලංකාව ඉහළින් ඔසවා තැබීමට ඡන්දය දුන් සංචාරකයන්ගේ අදහස වී තිබේ.
hiru gossip







