BREAKING NEWS
Search

ජනාධිපති අනුර, රජරට සරසවියට පත් කළ නව කුලපති හිමියෝ ඉල්ලා අස්වෙති..!

287

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය 10 වෙනිදා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම්දී ඇත.

ඊට හේතු ලෙස සදහන් කර ඇත්තේ, මින් පෙර ධුරය දැරූ ස්වාමීන්වහන්සේ මෙම ධුරය නැවත අපේක්ෂාවෙන් සිට ඇති බවත් එය නොලැබීම නිසා උන්වහන්සේට පක්ෂපාත ඇතැම් ගිහි පැවිදි පිරිස් ඒක පාක්ෂික වූ අසාධාරණ කරුණු විවිධ මාධ්‍ය මගින් පළකරන්නට වීමත් බවයි.

මෙම තනතුර තමාට ලැබීම නිසා සංඝ සාමග්‍රිය බිඳවැටීමට හෝ හේතු වන්නේ නම් එම තනතුරට වඩා සංඝ සාමග්‍රි යම් උතුම් කොට සලකන බවත් එම ලිපියේ සදහන් කර ඇත.

තනතුරු පිළිගැනීමටත් අත්හැරීමටත් පුරුදු නොවන්නේ නම් අත්හැරීම පුරුදු කරන්නැයි හෝ භව තණ්හාවෙන් මිදෙන්න යැයි අපි සමාජයට බණ කීමෙන් පළක් නොවන බව තේරුම් ගෙන සිටින බව ද උන්වහන්සේ සිය ලිපියෙහි වැඩි දුරටත් සඳහන් කර තිබේ.

 

Source : The leader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!